News Line| Off Air| Games
Generic placeholder image

Jun
13

කිරිවෙහෙරේ නාහිමිට වෙඩි තිබ්බ වෙඩික්කරු දේවාලයේ කපුවෙක්.

1780 Views


කිරිවෙහෙරේ නාහිමිට වෙඩි තිබ්බ වෙඩික්කරු දේවාලයේ කපුවෙක්.

කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට ඊයේ රාත්‍රියේ කිසියම් පිරිසක් වෙඩි තියලා තිබ්බා. වෙඩි තියන්න සැකකරුවන් ආව හොණ්ඩා වෙසෙල් වර්ගයේ ජිප් රථය පොලිසිය විසින් සොයාගෙන තියෙනවා.

ඒ හරහා කරපු පරීක්ෂණ වලින් පොලිසිය සැකකරුවන් හදුනාගෙන තියෙනවා. පොලිසිය සඳහන් කරේ ප‍්‍රධාන සැකකරු කතරගම ප‍්‍රදේශයේ පදිංචි මහසෙන් දේවාලයේ කපු මහතෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙක් කියලා. ඔහුව අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් 05 ක් යොදවා තිබෙනවා.

වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් හදිසි සැත්කමකට භාජනය කරා. අද අලුයම කරපු සැත්කමෙන් පස්සේ නාහිමියන් තවදුරටත් හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා. වෙඩි ප‍්‍රහාරයෙන් නාහිමියන්ගේ උදරයට සහ දකුණු අතට වෙඩි වැදීලා කියලයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරේ.

මේ වෙඩි තැබීමෙන් තවත් හිමි නමක් බරපතල තුවාල ලබලා තියෙනවා. විහාරාධිපති නාහිමියන් සහ අනෙක් හිමියන් කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එද්දී විහාරස්ථානය අසලදී වෙඩි තියලා තිබ්බා.පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙක් මේ ප්‍රහාරයට ඇවිත් කියලා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post