ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟය අද පැවැත් වෙනවා. ඒ ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ලංකාවේ වෙලාවෙන් හවස 7 තරඟය ආරම්භ වෙනවා. ඊට කලින් අද තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා.
පළවෙනි තරඟයේ පහසු ජයක් ලබා ගන්න කොදෙව්වන් සමත් වුණා. ඒ නිසා ඔවුන් අද තරඟයට එන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්. අද තරඟයේදී ලංකාවේ ප්‍රභල ක්‍රීඩකයෙක් කණ්ඩායමට අහිමි වෙලා තියෙනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස්. පෞද්ගලික හෙතුවක ඔහු පහුගිය දා ආයෙත් ලංකාවට ආවා.
තරඟය පැවැත් වෙන ඩැරන් සැමී ක්‍රීඩාංගනයේදී මීට කලින් එක අවස්ථාවකදී ලංකාව සහ කොදෙව්වන් මුණගැහිලා තියෙනවා. හැබැයි ඒ තරඟය ජය පරාජයකින් තොරව නිමා වුණා. කොදෙව්වන් සහ ලංකාව සටන් වැදුන අන්තිම තරඟ 5 න 3 ක් ලංකාව ජයග්‍රහණය කරලා තියෙනවා. කොදෙව්වන් දිනලා තියෙන්නේ එක තරඟයක් විතරයි. තරඟ 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් වෙලා තියෙනවා.
මැතිව්ස් ගෙන් හිස්වුන ස්ථානයට ධනංජය ද සිල්වා කැඳවන්න ලොකු ඉඩක් තියෙනවා. ඒ වගේම ඩිල්රුවන් වෙනුවට අකිල අද කණ්ඩායමට කැඳවන්න සූදානමක් තියෙනවා කියලා ආරංචි වෙනව. සියත 24 වෙබ් අඩවියට ආවොත් හවස 7 ඉඳලා සජීවීව තරඟය නරඹන්න ඔබට පුළුවන්.