News Line| Off Air| Games
Generic placeholder image

Jun
14

අවුරුද් 17 වෙනකන් සියලුම විභාග අහෝසියි. ළමාරක්‍ෂණ අධිකාරියෙන් රැඩිකල් තීරණයක්.

553 Views


අවුරුද් 17 වෙනකන් සියලුම විභාග අහෝසියි. ළමාරක්‍ෂණ අධිකාරියෙන් රැඩිකල් තීරණයක්.

ඉස්සර ළමයි කරේ වත්තේ පිටියේ දුව පැනලා සෙල්ලම් කරපු එක. හැබැයි අද කාලේ ළමයි කරන්නේ උදේ ඉඳන් හවස් වෙනකන් පොතේ එල්ලිලා ඉන්න එක. එකට හේතුව තමයි එක වසරේ ඉඳන් විභාග වලට මුහුණ දෙන්න ළමයින්ට සිද්ධ වෙලා තියෙන එක.

මේ නිසා ළමයින්ගේ පොතේ පතේ දැනුම වැඩි වුනත් සාමාන්‍ය දැනීම අඩු වෙලා තියෙනවා. ඒ නිසා ලංකාවේ අධ්‍යාපනයේ රැඩිකල් වෙනසක් කරන්න ජාතික ළමාරක්‍ෂණ අධිකාරිය තීරණය කරලා තියෙනවා. ඒ තමයි වයස අවුරුදු 17 වෙනකන් සියලුම දරුවන් සඳහා වන සියලු විභාග අහෝසි කරන්න. මේ ගැන සමාජ කතිකාවතක් විවාදයක් ඇති කරන්න ඔවුන් සූදානමින් ඉන්නවා.

මෙම විභාග ක්‍රම මඟින් පාසල් වයසේදීම දරුවන් හට ආතතිය වගේ ගැටළු වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඒ නිසා තමයි ජාතික ළමාරක්‍ෂණ අධිකාරිය මේ යෝජනාව ගෙනැල්ලා තියෙන්නේ. මේ යෝජනාව ක්‍රියාත්මක වුනොත් සාමාන්‍ය පෙළ විභාගයත් පවත් වන්න වෙන්නේ අවුරුදු 17 දී.


News Articles
Latest Videos
Most Popular Post