News Line| Off Air| Games
Generic placeholder image

Jun
14

ශ්‍රී ලංකා ගුවන් හමුදාව කාන්තාවන්ට අහසේ පියාඹන්න තටු දෙයි.

577 Views


ශ්‍රී ලංකා ගුවන් හමුදාව කාන්තාවන්ට අහසේ පියාඹන්න තටු දෙයි.

ඉස්සර කිව්වේ කාන්තාවන්ට හිමි කුස්සිය විතරයි කියලා. හැබැයි මේ වෙද්දී පිරිමින්ට කරන්න පුළුවන් ඕන වැඩක් තමන්ටත් කරන්න පුළුවන් කියලා කාන්තාවන් ඔප්පු කරලා ඉවරයි. ඒ නිසා අහසේ පියාඹන්න කාන්තාවන්ට තටු දෙන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව තීරණය කරලා තියෙනවා.

ඒ ඉතිහාසයේ පළවෙනි වතාවට ගුවන් නියමුවරියන් බඳවා ගෙන. පළවෙනි පියවර විදියට කාන්තාවන් 4 දෙනෙක් ගුවන් හමුදාව ගුවන් නියමු බඳවාගෙන තියෙනවා. ජයනි තත්සරණි හේවාවිතාරණ, පවිත්‍රා ලක්ෂානි ගුණරත්න, පියුමි නිමල්කි ජයරත්න සහ රංගනා තත්සරණි වීරවර්ධන තමයි ඒ වාසනාවන්තියන් 4 දෙනා.

ගුවන් ජය ගත්ත පළවෙනි කාන්තා නියමු කණ්ඩායම විදියට ඉතිහාස ගත වෙනවා. ඔවුන් දැනට ත්‍රිකුණාමලය චීන වාරය ගුවන් හමුදා විද්‍යා පීඨ පරිශ්‍රයේ පිහිටා ඇති අංක 01 පියාසර පුහුණු පක්ෂාංග ඒකකයේ පුහුණුව ලබනවා. අධිකාරිය ලබන තුරු වසර තුනක පමණ පුහුණුවක් ලබන්න ඕන. පුහුණුව අවසානයේ ලොව ගුවන් හමුදා නියමුවරියන් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව එකතු වෙනවා.

“ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශ යන රටවල් තුනේම ගුවන් නියමුවරියන් මේ වන විටත් බඳවා ගෙන තිබෙනවා. නමුත් අපේ රටේ තිබුණු යුදමය වාතාවරණය නිසා නියමුවරියන් ඒ කාලයේ බඳවා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ,” අංක 01 පියාසර පුහුණු පක්ෂාංග ඒකකයේ අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් පූජන ගුණතිලක ප්‍රකාශ කරා.


News Articles
Latest Videos
Most Popular Post