News Line| Off Air| Games
Generic placeholder image

Jun
15

දකුණ හොල්ලන රග්බි මහා සංග්‍රාමයෙන් ඇලෝසියස් විද්‍යාලයට සුපිරි ජයක්. – Photo

3480 Views


දකුණ හොල්ලන රග්බි මහා සංග්‍රාමයෙන් ඇලෝසියස් විද්‍යාලයට සුපිරි ජයක්. – Photo

දකුණේ ප්‍රධානම රග්බි මහා සංග්‍රාමය ඊයේ පැවැත් වුණා. ඒ 25 වෙනි T.V, සුමනසේකර අනුස්මරණ වාර්ෂික රග්බි තරඟාවලිය. ගාල්ල සාන්ත ඇලවීෂියස් විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තමයි මේ සටන පැවැත් වෙන්නේ. තරඟය පැවැත් වුණේ කොග්ගල පොලිස් ක්‍රීඩාංගනයේදී.

පිට පිට දෙවෙනි වරත් විශිෂ්ඨ ජයක් ලබා ගන්න ඇලවීෂියස් විද්‍යාලය සමත් වුණා. ඒ ගෝල 20 ට 0 ක් විදියට. රිච්මන්ඩ් විද්‍යාලයට කිසිම ගෝලයක් ලබා ගන්න ඇලවීෂියස් විද්‍යාලයේ රග්බි ප්‍රහාරකයන්ගෙන් ඉඩක් ලැබුණේ නෑ.

පළවෙනි අර්ධයේදී ඇලවීෂියස් විද්‍යාලය පළවෙනි අර්ධයේදී ලකුණු 13 ක් ලබා ගත්තා. දෙවෙනි අර්ධයේදී තවත් ලකුණු 07 ක් ලබා ගන්න ඇලවීෂියස් ක්‍රීඩකයන් සමත් වුණා. තාමර කුෂන් සහ සාලිය බණ්ඩාර උත්සාහක දිනුම් වාර්තා කරා. මල්ෂාන් මධුමාධව දඬුවම් පහරක් සහ ප්‍රවර්තන දිනුම් 2 ක් ලබා ගත්තා. තරඟයේ වීරයා මල්ෂාන් මධුමාධව.

 


News Articles
Latest Videos
Most Popular Post