News Line| Off Air| Games
Generic placeholder image

Jun
16

“මම මගේ අම්මාගෙන් පස්සේ එහෙම බැඳීමක් ඇති කරගන්න පුළුවන් කෙනෙක් තාම දැකලා නෑ. එහෙම ජීවත්වෙන්න මට හොඳ අවස්ථාවක් ආවොත් මම එතනට යනවා…” – රාජකීය Birthday Party ගත්ත චන්දිමාල් විවාහය ගැන මුල්වරට මාධ්‍යට කියයි…

1123 Views


“මම මගේ අම්මාගෙන් පස්සේ එහෙම බැඳීමක් ඇති කරගන්න පුළුවන් කෙනෙක් තාම දැකලා නෑ. එහෙම ජීවත්වෙන්න මට හොඳ අවස්ථාවක් ආවොත් මම එතනට යනවා…” – රාජකීය Birthday Party ගත්ත චන්දිමාල් විවාහය ගැන මුල්වරට මාධ්‍යට කියයි…

පහුගිය දවස්වල රටේම කතාබහට ලක්වුණ මාතෘකාවක් තමයි ප්‍රවීණ රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදය. මේ Party එකට ලංකාවේ ජනප්‍රියම අය හැමෝම වගේ ඇවිත් හිටියා. ඉතින් මේ Party එකට සෑහෙන්න වියදමක් යන්න ඇති කියල සහ තවත් සමහරු එක එක බජට් මේකට ඉදිරිපත් කරලා තිබුණා. මේ හේතුව නිසා චන්දිමල්ගෙ පස්සේ අදායම් බදු දෙපාර්තමේන්තුවත් පන්නනවා කියල පුවත් පළවුණා. එත් මේ හැම දෙයකටම උත්තර චන්දිමාල් සති අන්ත පුවත්පතකට කියල තිබුණේ මේ විදිහට…

ඔබට අපූරු උපන්දින තෑග්ගක් හම්බෙනවා. “මිසිස් වර්ල්ඩ්” හි ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂක තනතුර.

ඇත්තටම ඒක මම බලාපොරොත්තු නොවූ දෙයක්. රෝසි සේනානායක මහත්මිය විදේශ ගතවෙලා සිටිය නිසා මගේ උපන්දිනයට එන්න බැරිවුණා. මීට කළින් මේකේ අධ්‍යක්ෂ තනතුර තිබුණේ මගේම සහෝදර ශිල්පිණිය වන වාසනා දන්තනාරායනට. ඉතින් මැඩමුයි එයයි එකතුවෙලා මාව පුදුම කරන්න දීපු උපන්දින තෑග්ගක් තමයි මේක.

ඔබ ඔබේ අම්මත් එක්ක ආපු ගමන ගැන මොකද හිතෙන්නේ?

හුඟක් සතුටු වෙනවා. කවුරු මට බැන්නත් මගේ අම්මා මාව හදන්න හුඟක් දුක් විඳපු කෙනෙක්. මං මගේ ඇස්වලට ඒ දේ දැකලා තිබුණා. ඉතිං මං කවදාහරි මගේ අම්මාට තාත්තාට සාධාරණයක් ඉශ්ඨ කරනවා කියලා හිතුවා. හැබැයි මෙහෙම ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න හිතුවෙ නෑ. රටට බරක් නොවී තරුණයෙක් විදියට උද්ඝෝෂණ වලට සහභාගී නොවී රජයකට බරක් නොවී කාගෙවත් සහයෝගයක් නැතුව සහ කාටවත් වදයක් නැතිව මේ ගමන යන්න ඕන කියලා මං හිතුවා.

අධ්‍යාපන කටයුතු අවසන් කරලා මං මොනවාද කරන්නේ කියලා හිතනකොට අහම්බයෙන් මං රූපලාවන්‍ය ක්ෂේත්‍රයට පිවිසිලා රුපියල් 500න් 5000න් වගේ ආරම්භ කරපු දේ මෙච්චර දුර අරගෙන යන්න මට මාවම විතරයි ශක්තියක් වුණේ. මට තරගේ තිබුනේ මාත් එක්ක. නිහඩව මං අද මේ ගමන ආවේ. අද මට බනින හැමෝම ඒ දේවල් දන්නැතුව කතා කරනවා. ඒ මේ සමාජ ක්‍රමය හැදිලා තියෙන විදිය නිසා මට ඒවා ගැන දුකක් නෑ . ඉතිං හුඟක් සතුටුයි අද අම්මාව මට ගේන්න පුළුවන් උපරිම තැනට ගෙනල්ලා අද අම්මා රැජිනක් වගේ ගෙදර ඉන්නවා.

ඇත්තටම ඔබට මේ උපන්දින සාදයේ දරන්න වුණු වියදම කීයද?

ඇත්තටම මුලින්ම කට්ටිය හදාගෙන තිබුණා කෝටි 04ක් කියලා. ඒ ඔක්කෝම ඒ අය හදාගත්ත බජට්. මට ආදායම් බදු දෙපාර්තමේන්තුව යනකොට අරන් යන්න පුළුවන් වුණෙත් හොටෙල් බිල් එක විතරයි. මම මේ ක්ෂේත්‍රය තුළ හැමෝමත් එක්කම හොඳ හිත දිනාගෙන කෙටි කාලයක් තුළ හැමෝමත් එක්කම සහයෝගයෙන් වැඩ කිරීම තුළ සහෝදරත්වයෙන් මේ හැමදේම කළේ. මොකද දෙයක් ලස්සන වෙනවානම් තනියෙන් කවදාකවත් ඒ දේ කරන්න බෑ. ඉතිං මේ වැඩේ ලස්සන කරන්න දායක වෙච්ච මගේ සහෝදර ශිල්පීන් ඉන්නවා. විශේෂයෙන් කියන්න ඕන මං ඇන්ඳ ඇඳුම පවා ලැබුණ දෙයක්. ඉතිං මේ බොරු දේවල් උලුප්පලා පෙන්නලා බොරු දේවල් මවලා තමයි ගොඩක් අය විවිධ දේවල් කිව්වේ. හැබැයි මම කියන්නේ අනික කොච්චර සල්ලි වියදම් කළත් ඒක තමන්ගේ අයිතියක්.

දැන් ඊළඟ උපන්දින සාදය ගැනත් හිතලාද තියෙන්නේ?

අනිවාර්යයෙන්ම. හැබැයි මේ උපන්දින සාදය තියනකොට හිතුවේ නෑ මේක මෙච්චර ජනප්‍රිය වෙයි කියලා. ගෙදර ගිහිල්ලා මට තිබ්බ මහන්සියට මං ඇහැරෙනකොට දවල් 02ක විතර වුණා. හැබැයි ඒ වෙද්දි ලංකාවේ හැමෝම මේක දැනගෙන තිබුණා. මේ වෙච්ච ප්‍රශ්න මට හුරු නැහැ. මේකේ හොඳ පැත්තකුත් තියෙනවා. මට ආදරය කරන පිරිසක් වැඩිවෙලා තියෙනවා. බනින අතලොස්සක් අතරේ මහා ලොකු ජනප්‍රියත්වයක් හම්බුණා. මම කැමති නෑ ලංකාවේ කෙනෙක්ට පහර දෙනවාට. තමන්ගේ ජාතිය පහත් කරලා කවදාකවත් කතා කරන්න මං කැමති නෑ. මං කාටවත් පේන්න තරඟ කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මීළඟ අවුරුද්දේ මීට වඩා පිරිසක් එක්ක මීට වඩා ලස්සන දෙයක් කරනවා.

චන්දිමාල් විවාහය ගැන මොකද හිතන්නේ?

විවාහය කියන්නේ බොහොම බැරූරුම් දෙයක්. ඒ දේවල් සෙල්ලමට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. මොකද මං මේ වෙද්දි කරලා තියෙන වෙඩින් සංඛ්‍යාවත් එක්ක මට පෞද්ගලික අත්දැකීම් තියෙනවා විවාහ ජීවිත සහ ඉක්මන් තීරණ තුළ මොනවාද වෙන්නේ කියන දේ. මම මගේ අම්මාගෙන් පස්සේ එහෙම බැඳීමක් ඇති කරගන්න පුළුවන් කෙනෙක් තාම දැකලා නෑ. ඒකයි මං අදටත් ඇයට ගරු කරන්නේ. මං හිතන්නේ දැන් ගොඩක් අය විවාහය සෙල්ලමකට අරගෙන සම්බන්ධකම් සෙල්ලමකට අරගෙන ඉන්නේ. සමහර වෙලාවට මටම කනගාටුවක් ඇතිවෙනවා ඇයි මෙහෙම මේ සමාජයේ වෙන්නේ කියලා. විවාහ වෙන්න ඕන ප්‍රශ්න ඇතිකරගන්න නෙවෙයි. ඉතිං එහෙම ජීවත්වෙන්න මට හොඳ අවස්ථාවක් ආවොත් මම එතනට යනවා.

චන්දිමාල් කියන්නේ මේ ක්ෂේත්‍රයේ බොහෝ අය හඳුනන චරිතයක්. ඒ අතරින් ඔබ කැමතිම නළුවෙක් හෝ නිළියක් සිටිනවාද?

මම එහෙම කිව්වොත් මම ඒ හැමෝටම කරන අසාධාරණයක්. මොකද හැමෝම මට සහෝදර ශිල්පීන්.


News Articles
Latest Videos
Most Popular Post