News Line| Off Air
Generic placeholder image

Jun
17

ට්‍රම්ප් හමුවුන කිම් ජොන් අන් පුටින් දෙසට හැරෙයි.

1231 Views


ට්‍රම්ප් හමුවුන කිම් ජොන් අන් පුටින් දෙසට හැරෙයි.

පහුගිය 12 වෙනිදා ලෝක ඉතිහාසයේ වැදගත් සිදුවීමක් සිද්ධ වුණා. ඒ ඇමෙරිකාවේ ජනාධිපතිවරයෙක් සහ උතුරු කොරියාවේ නායකයෙක් පලවෙනි වතාවට මුහුණට මුහුණ හමු වුණා. ඩොනල් ට්‍රම්ප්ගේ සහ කිම් ජොන් අන්ගේ මේ හමුවෙන් පස්සේ තවත් හමුවක් ගැන කතා වෙන්න පටන් අරන්.

ඒ කිම් ජොන් අන් සහ ව්ලැද්මීර් පුටින් අතර. පුටින් මේ සඳහා ආරාධනාවක් කිම් ජොන් උන් වෙත යවලා තියෙනවා. ඒ සතියකට විතර කලින් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් කිම් ජොන්-උන් හමුවීම සඳහා උතුරු කොරියාවට පැමිණි අවස්ථාවේ.

කිම් ජොන්-උන් සහ පුටින් අතර හමුවක් ලබන සැප්තැම්බර් මාසයේ රුසියාවේ ව්ලැඩිවොස්ටොක් නගරයේ දී පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු පළ වෙනවා. හැබැයි නිශ්චිත දිනයක් නම් තාමත් ප්‍රකාශ වෙලා නෑ. රුසියාවට පැමිණි විට උතුරු කොරියානු නායකයා කලාපීය සමුළුවකට ද සහභාගි වෙන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post