News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

“කවුරු බන්ධනාගාර ගත කරත් ජම්පරේ අඳින්න ඕන” – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සියතට කියයි.

752 Views


“කවුරු බන්ධනාගාර ගත කරත් ජම්පරේ අඳින්න ඕන” – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සියතට කියයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලැබුණු දඬුවම නිසා මේ වෙද්දී රටේ තවත් නීති ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ භික්ෂුවක් සිරදඬුවම් ලැබුවොත් සිරකරුවන්ගේ ඇඳුම අඳින්න ඕනමද කියලා.

උපසම්පදා භික්ෂුවකගේ සිවුර එහෙම ගලවා ඉවත් කරන්න බෑ කියලා බොදු සේනාවේ හිමිවරු සඳහන් කරනවා. එසේම තම සංඝ සභාවේ අනුමැතියකින් නැතුව ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම ගැන බලවත් අප්‍රසාදය පළකරනවා කියලා කෝට්‌ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව අධිකරණ ඇමැතිවරයාට ලිපියක්‌ යොමු කරලා තියෙනවා.

කොහොම වුනත් රටේ නීතිය විදියට කවුරු සිරදඬුවම් ලබලා ආවත් සිරකරුවන්ගේ ඇඳුම අඳින්න ඕන කියලා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සියතට සඳහන් කරා. රටේ නීතිය අනුව සිරකරුවෙක්ට බන්ධනාගාරය ඇතුලේදී වෙනත් කිසිම ඇඳුමක් අඳින්න බෑ. ඒ නිසා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජම්පරය ඇඳීම නිත්‍යනුකූලයි කියලා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කරා.

මේ අතර ඥනසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම ගැන බොදුබල සේනා සංවිධානයේ හා සිංහල රාවය සංවිධානයේ හිමිවරු ඊයේ මහානායක හිමිවරුන් දැනුවත් කරා.

මේ ගැන ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඉදිරි දින කිහිපය තුළ ඒකාබද්ධ නිවේදනයක්‌ නිකුත් කිරීමට නියමිත බව අස්‌ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post