කාමරංගා කියන්නේ බොහොම රසවත් පළතුරක්. ලංකාවේ හැම ප්‍රදේශයකම වගේ ඉතාම හොඳට කාමරංගා හැදෙනවා. හැබැයි කාමරංගා කන්න හොඳ නෑ කියලා පහුගිය දවස්වල සමාජ ජාලා වල කතාවක් පැතිරුණා.
කාමරංගා වලින් වකුගඩු රෝග හැදෙන්න පුළුවන් කියලයි කියවුණේ. හැබැයි වකුගඩු රෝග නැත්නම් කාමරංගා වලින් කිසිම ලෙඩක් හැදෙන්නේ නෑ කියලා කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා. වකුගඩු රෝගීන්ට විතරයි කාමරංගා වලින් බලපෑමක් ඇති වෙන්නේ කියලා ඔවුන් සඳහන් කරන්නේ.
කාමරංගා ප්‍රතිඔක්සිකාරක, පොටෑසියම්, විටමින් C,සෝඩියම් යන පෝෂකවලින් පොහොසත් පළතුරක්. කාමරංගා වල සීනි ප්‍රතිශතයත් ඉතාම අඩුයි. ඒ නිසා කාමරංගා ආහාරයට ගැනීමෙන් පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වර්ධනය වනබව පැරණි අයුර්වේද ග්‍රන්ත තුළ සඳහන් වෙනවා.
විශේෂයෙන් ආහාර ගැනීමෙන් පසු ආහාරවල අඩංගු යකඩ සිරුරට අවශෝෂනය කරගත හැකි අතුරු පසක් වශයෙන් කාමරංගා පලතුර සැළකෙනවා. කෘෂිකර්ම නිලධාරීන් කියන්නේ දැනට වකුගඩු රෝගයෙන් පෙලෙන අයට විතරක් කාමරංගා වල දාරයේ තියෙන Calcium Oxalate වලින් හානි සිදු වෙනවා කියලා.
හැබැයි කාමරංගා ආහාරය ගනිද්දී දාරය ඉවත් කරලා ආහාරයට ගත්තම Calcium Oxalate වලින් වෙන හානිය වළක්වා ගන්න පුළුවන්. කොහොම වුනත් කාමරංගා අධිකව ආහාරයට ගන්නත් හොඳ නෑ.