අද ලග්න දෙකකට රැකියා කටයුතු සාර්ථක වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
1011 Views
අද 2018 ජුනි මස 19 වන අඟහරුවාදා
රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.20 සිට 04.54 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.04 සිට 04.30 දක්වා
සුභ දිශාව: දකුණු දිශාව
මේෂ ලග්නය

තරමක් ඉවසීම අඩු දිනයකි. නමුත් කායික ශක්තිය ඉතා ඉහල දිනයකි. නොදන්නා අය සමඟ කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ගත කරන්න. නිවැරදි තීරණ ගැනීමට වග බලාගත යුතු දිනයකි. දුර දිග බලා කටයුතු කිරීමේ ශක්තියද මනාව පවතින දිනයකි. සමාජයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහැකි දිනයකි. අතපසු වුනු වැඩ නැවත ආරම්භ කිරීමට සුභ දිනයකි.
ජය වර්ණය: ලා රෝස පැහැය ජය අංකය: 05
වෘෂභ ලග්නය

අලුතින් යමක් මිලදී ගැනීමට සුභ දිනයකි. සුභ මංගල යෝග උදාවන දිනයකි. කතාවෙන් අන් අයව දිනාගත හැකි දිනයකි. බොහෝ සංකීර්ණ දේවල් සරලව විසඳිය හැකි දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබට එන අභියෝගයන් හමුවේ සාර්ථකව කටයුතු කිරීමේ හැකියාව පවතින දිනයක් වන අතර රැකියා කටයුතු වල වෙනස්කම් අපේක්ෂා කළහැකි දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 04
මිථුන ලග්නය

කුසලතා ජනප්‍රියත්වයක් අන් අය අතර ලබාගත හැකි දිනයකි. කලා කටයුතු වල නිරත දිනයකි. නිසි තීරණ මත කටයුතු කළහැකි දිනයකි. වෙනදට වඩා ඔබේ හැකියාවන් ඉස්මතු කරගැනීමේ හැකියාව පවතින දිනයකි. නව නිර්මාණ වැඩ කටයුතු වලටද සුභ දිනයකි. දුර ගමන් යෙදෙන දිනයකි. ආගමනුකුලව හා ව්‍යායාම තුලින් දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03
කටක ලග්නය

කායික ශක්තිය ඉහළ දිනයකි. අන් අය අතර කැපී පෙනෙන දිනයකි. වාසනාව හා සතුට ඇතිවන දිනයකි. අන් අය අතර ඔබට සාමය පතුරුවන දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. අන් අය අතර ඔබ ජනප්‍රිය වන දිනයකි. කල්පනාවෙන් යුතුව නිහඬව තම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යා හැකි දිනයකි. විවාහ අපේක්ෂාවෙන් සිටි අයටද සුභ දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 02
සිංහ ලග්නය

නිර්භීතව වැඩ කටයුතු කරන දිනයකි. පාලනයට වැඩි හැකියාවක් පෙන්වන දිනයකි. තම සේවකයන්ගෙන් වැඩි ආදරයක් ලැබෙන දිනයකි. එමෙන්ම මනා පෞරුෂයකින් කටයුතු කළහැකි දිනයකි. නිසි තීරණ ගැනීමේ හැකියාවද පවතින දිනයකි. මනා පාලනයකින් යුතුව ඔබේ වැඩ කටයුතු සම්පාදනය කරගන්නා දිනයකි. යම් ස්ථාන වල ප්‍රමුඛයා වීමේ භාග්‍ය පවතින දිනයකි. උසස් අය සමඟ කටයුතු කිරීමටද අවස්ථාව උදාවන දිනයකි.
ජය වර්ණය: ලා රන්වන් පැහැය ජය අංකය: 01
කන්‍යා ලග්නය

කෝපයෙන් මෙන්ම වෛරයෙන් යුතුව කටයුතු යුතු දිනයකි. එබැවින් ඉවසීම වර්ධනය කරගත යුතු දිනයකි. ව්‍යාපාර කටයුතු වලට ඉතාම සුභ දිනයකි. පවුලේ අය සමඟ ගෙවන දිනයකි. මුදල් සම්බන්ධ ගනුදෙනු වලදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. ඔබ තීන්දු තීරණ ගැනීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03
තුලා ලග්නය

වෙලාවට වැඩ කරන දිනයකි. තැනට සුදුසු නුවනින් කටයුතු කිරීමට වග බලාගන්න. සියලුම ව්‍යාපාර කටයුතු වලටද යෝග්‍ය දිනයකි. යහපත් මිතුරන් ඇතිවන දිනයකි. ඔබේ නිර්මාණ ශක්තියද ඉතාම ඉහළ දිනයකි. ව්‍යාපාර කටයුතු හා රැකියා කටයුතු සාර්ථක වන දිනයකි. පුණ්‍ය කටයුතු වලට වෙහෙසෙන්න. ඔබේ යහපත් ගුණාංග මතුවන දිනයකි. ආදායම් තත්වය ඉතාම සුභ දිනයකි. නිසි තීරණ ගැනීමේ ශක්තිය පවතින දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 02
වෘශ්චික ලග්නය

මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. කතාවෙන් සෑම දෙයක්ම ජයගන්න දිනයකි. නමුත් කල්පනාකාරී වන්න. තමාගේ වැරදි නිවැරදි කරගෙන කටයුතු කළහැකි දිනයකි. රැකියා වල මෙන්ම ව්‍යාපාර කටයුතු වලින්ද දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. තියුණු නුවනින් යුතුව, මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි.උනන්දුවෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 01
ධනු ලග්නය

යම් තරමක මංගල යෝග උදාවන දිනයකි. නායකත්ව ගුණාංග වඩාත් ප්‍රයෝජනවත් වන දිනයකි. යහපත් සිතුවිලි වර්ධනය කරගන්න. පුණ්‍ය කටයුතු වලට වෙහෙසෙන්න. වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. වැඩ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් නිතරම සිහි කල්පනාව තීව්‍ර කරගන්න. ආගමනුකුලව ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 09
මකර ලග්නය

ජලය ආශ්‍රිතව ප්‍රවේසම් විය යුතු දිනයකි. සිත පාලනය කරගත යුතු දිනයකි. අනවශ්‍ය ගමන් බිමන් නවතා දමන්න. පාලන ශක්තිය නම් මනාව පවතින දිනයකි. තීරණ ගැනීමේදී වඩාත් සාර්ථක වන දිනයකි. නමුත් නිතරම හොදින් සිතා බලා කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න. අනවශ්‍ය වැඩ ඉවතලා කටයුතු කරන්න. වෙනදට වඩා ප්‍රවේසම් විය යුතු අතර සිදුවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට වග බලාගත යුතු දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 08
කුම්භ ලග්නය

අධ්‍යාපන වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයකි. ඉගැන්වීමේ කටයුතු වලටද සුභ දිනයකි. එමෙන්ම සූක්ෂම වැඩ කටයුතු වලට ඉතාම දස්කමක් පෙන්වන දිනයකි. නව රැකියා අවස්ථා ලබාගත හැකි දිනයකි. මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. පිළිවෙලින් යුතුව වැඩ කටයුතු කරන දිනයකි. පවුලේ සාමය ඇතිවන දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07
මීන ලග්නය

කලට වෙලාවට නිසි ආහාර ගත යුතු දිනයකි. ඔබ යම් ශීලයකට අනුව කටයුතු කිරීමට සිතට ගන්න. සතුරු කරදර ඇතිවිය හැකි දිනයකි. සංකීර්ණ දේවල් වඩාත් සරලව අන් අයට පහදා දෙන දිනයකි. ඔබේ සෞඛ්‍ය තත්වය ගැන වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ඔබේ වැඩ කටයුතු කල්පනාවෙන් යුතුව නිසි සැලසුම් සහිතව සම්පාදනය කරගන්න. රැකියා කටයුතු වල යම් වාසනාවක් හා සතුටක් ඇතිවන දිනයකි.
ජය වර්ණය: ලා ගුරු පැහැය ජය අංකය: 06
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන: 011 50 10 829