News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

කොළඹ බල්ලන්ට රෝසිගෙන් අභය දානය.

1036 Views


කොළඹ බල්ලන්ට රෝසිගෙන් අභය දානය.

පාරේ යද්දී අයාලේ යන බල්ලන්ගෙන් තියෙන කරදරය අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හැබැයි ඉතිං හැම බල්ලම එහෙම කරදර කරන්නේ නෑ. කොළඹ නම් මේ අයාලේ යන බල්ලන්ගේ කරදරය ලොකුවට තියෙනවා.

ඒ නිසා කොළඹ මහ නගර සභාවෙන් සුනඛයන් අල්ලලා විනාශ කරා. කොහොම වුනත් ඒ සතුන්ටත් ජීවත් වීමේ අයිතියක් තියෙන නිසා සත්ව සංවිධානවල වගේම ආගමික නායකයන්ගෙන් විරෝධයක් එල්ල වුණා. ඒ නිසා මින් ඉදිරියට අයාලයේ යන සුනඛයන් ඇල්ලීම සහ විනාශ කිරීම මුළුමනින්ම නතර කරන්න කියලා කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය නියෝග කරලා තියෙනවා.

ඒ වෙනුවට සුනඛ වන්ධ්‍යාකරණ කටයුතු වැඩිදියුණු කරන බවද ඇය කියා සිටියා. මින් ඉදිරියට එම තනතුර සඳහා සේවකයන් බඳවා ගැනීමක්‌ ද වෙන්නේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post