News Line| Off Air
Generic placeholder image

Jun
18

“කවුරුහරි මාව ඔසවාගෙන තමයි ඉහළට පහළට ගෙනියන්න ඕනෑ. මගේ කැත කුණු පවා ඒ අය අත ගෑවා.” – හදිසි අනතුර ගැන චම්පා කල්හාරි කියන අනුවේදනීය කතාව.

2363 Views


“කවුරුහරි මාව ඔසවාගෙන තමයි ඉහළට පහළට ගෙනියන්න ඕනෑ. මගේ කැත කුණු පවා ඒ අය අත ගෑවා.” – හදිසි අනතුර ගැන චම්පා කල්හාරි කියන අනුවේදනීය කතාව.

චම්පා කල්හාරි කියන්නේ කුඩා වියේ ඉඳන්ම ගායන කෞෂල්‍යයෙන් තමන් වටා රසික පිරිසක් එකතු කරගත්ත ගායන ශිල්පිණීයක්. එත් චම්පා කල්පාරි මේ දවස්වල ඉන්නේ නම් යහපත් තත්වයක නෙමෙයි. මේ ගැන සියත FM හි Talk Of the Town විශේෂාංගය හරහා අපි ඔබට කිව්වා. ඒ ගැන වැඩි විස්තරයක් සියත 24 හරහා මේ විදිහට ඔබට ගෙන්න අපි කල්පනා කළා.

ඔබව එක්තැන් කළ මේ හදිසි අනතුර සිදුවුණේ කොහොමද?

මේ සිදුවීමට මම මුහුණ දුන්නේ පහුගිය මාසේ 29 වැනිදා. මැයි 27 වැනිදාට තමයි මගේ පුතාගේ උපන් දිනය යෙදිලා තිබුණේ. මේ අනතුර වෙන්න මොහොතකට කලින් මම ප්‍රාර්ථනාවක් කළා. මගේ පුතාට නම් කිසිම කරදරයක් වෙන්න එපා මොනවා හරි නරක දෙයක් වෙන්න තියෙනවා නම් ඒක මගේ පිටින් යන්න කියලා එහෙම හිතලා වැඩි වෙලාවක් ගතවෙන්න කලින් ගෙදර පඩි පෙළෙන් බහිද්දී මාව බිමටම ඇදගෙන වැටුණා.

ඊට පස්සේ?

කොළඹ ජාතික රෝහ‍ලේ හදිසි අනතුරු ඒකකයට තමයි අනතුර වූ වේලාවේ තමයි මාව ඇතුළත් කළේ දකුණු කකුල තැන් දෙකකින් කැඩිලා කියලයි. වෛද්‍යවරු කිව්වේ පැය 3කක ඔපරේෂන් එකකින් පස්සේ මගේ කකුලට ඇණ 14ප්‍ලේට්ස් දෙකක් දැම්මා. දැන් මම ගෙදරට වෙලා කකුල හොල්ලන්නෙවත් නැතිව ඉන්නවා.

ඒ කියන්නේ තනිවම ඇවිද ගන්නත් බැරි තත්ත්වයකයි ඔබ අද ඉන්නේ? ඒ අපහසුතා එක්ක කොහොමද ජීවිතේට මුහුණ දෙන්නේ?

මට දැන් මගේ වැඩ තනිවම කරගන්න අමාරුයි. රෝහල් ගත වෙලා සිටියදී ජාතික රෝහ‍ලේ වෛද්‍යවරු, හෙදියෝ ඇතුළු හැමදෙනාම රෝගාතුර වෙලා හිටපු මට පුදුමාකාර විදිහට සැලකුවා. ඔවුන් මට සලකපු ආකාරයෙන් විශාල මානසික සුවයක් මට ලැබුණා. මම දැන් පදිංචි වෙලා ඉන්නේ කොහුවල එපාර්ට්මන්ට් එකක. එය අයිති අය සහ අනෙක් නිවාසවල අය මා ගැන සොයා බලන විදිහ මට විශාල ශක්තියක්. මගේ කැත කුණු පවා ඒ අය අත ගෑවා. මගේ පවු‍ලේ අයත් මා ගැන සොයා බැලුවා. මම අසරණ වෙච්ච වෙලාවේ පිහිටට ආපු ඒ හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා. මා වෙනුවෙන් කරපු උදවු උපකාරවලට මොකද, ඒ අය හින්දා පුතා එක්ක මම තනි වුණේ නැහැ.

මේ සිදුවීමෙන් ඔබේ ගායන ජීවිතයටත් විශාල බලපෑමක් එල්ල වෙයි නේද?

මාස හයක් යන තෙක් දකුණු කකුල බිම තියන්න එපා කියලයි මට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙන්නේ. මම ඉතින් අපාර්ට්මන්ට් එකේ උඩ තට්ටුවක. ඒ නිසා කවුරුහරි මාව ඔසවාගෙන තමයි ඉහළට පහළට ගෙනියන්න ඕනෑ. ගායනය තමයි මගේ එකම වෘත්තිය. කලින් බාරගෙන තිබුණු ප්‍රසංග මම අවලංගු කළා. ඒත් මේ මාසේ 26 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ප්‍රසංගයට සහ 28 වෙනිදා කුවේට්හිදී ආරම්භ වෙන ප්‍රසංග මාලාවට මම කොහොම හරි සහභාගි වෙනවා. ඊට පස්සේ විවේකයක් අරගෙන ඉක්මනින්ම සුවපත් වෙලා ආයෙමත් රසික රසිකාවියන් අතරට එන්නයි මම බලා‍පොරොත්තුවෙන් ඉන්නේ.


News Articles
Latest Videos
Most Popular Post