News Line| Off Air
Generic placeholder image

Jun
20

ICC ය නිකුත් කල, චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු දැක්වෙන VIDEO එක මෙන්න.

1618 Views


ICC ය නිකුත් කල, චන්දිමාල් පන්දුව පළුදු කරන අයුරු දැක්වෙන VIDEO එක මෙන්න.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම අතර පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවක් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එල්ල වුණා. මේ නිසා ඔහුට එක් ටෙස්ට් තරඟ තහනමක් හා මුළු තරඟ මුදලම කපා හැරීමට ICCය විසින් තීරණ කරල තියෙනවා.

මෙම තරඟයේ තරඟ තීරකවරයා විදිහට කටයුතු කලේ ජවගල් ශ්‍රීනාත්ප. ඔහු කියන්නේ මේ සිදුවීමට අදාළ වීඩියෝ පට පරීක්ෂා කිරීමෙන් පසු චන්දිමාල් වැරදිකරු බවට ඔප්පු වල තියෙනවා කියලයි. එහිදී පන්දුවේ ස්භාවය වෙනස් කරන්න චන්දිමාල්, ‘යම් කෘතිම දුව්‍යක් ‘යොදාගෙන ඇති බවට අණාවරණය වෙලා තියෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව හා කොදෙව් කන්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් ටෙස්ට් තරඟය චන්දිමාල්ට අහිමිවනු වෙනවා.මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට ශ්‍රීලංකා නායකයාට පැය 48ක කාලයක් හිමිවන බවයි ICC වාර්තාවේ සඳහන් වෙන්නේ.

කොහොම වුණත චන්දිමාල් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ වුනත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පන්දුව පළුදු කරන ආකාරය දැක්වෙන අලුත්ම වීඩියෝ පටයක් ICCය විසින් නිකුත් කරල තියෙනවා. මේ තියෙන්නේ ICC ආයතනය නිකුත්කළ Video එක.

https://streamable.com/4z7ap


News Articles
Latest Videos
Most Popular Post