News Line| Off Air
Generic placeholder image

Jun
20

දෙදෙනාගේම කාර්යබහුලත්වය නිසා කෝලි – අනුෂ්කා තීරණයක් ගනී.

1204 Views


දෙදෙනාගේම කාර්යබහුලත්වය නිසා කෝලි – අනුෂ්කා තීරණයක් ගනී.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි වගේම ඔහුගේ බිරිඳ අනුෂ්කා ෂර්මා කියන්නේ අතිශයින් ජනප්‍රිය තරු දෙපළක්. මේ දවස්වල විරාත් කෝලි සම්බන්ධයෙන් වාර්තාවන අලුත් ම තොරතුරක් සියත 24 අපි ඔබට අරගෙන ආවා. ඒ තමයි ඔහු මේ දවස්වල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් නිවාඩු ගන්න තීරණය කරල තියෙනවා.

මේකට හේතුව වෙන්න කෝලි ඔහුගේ බිරිඳවන අනුෂ්කා එක්ක විදෙස් රටවල් කිහිපයක සංචාරය කරන්න තීරණය කරලා තියෙන එක. දෙන්නගේ විවාහය ඉවරවෙනවත් එක්කම ‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ හා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ නිසා කෝලි කාර්යබහුල වුණා. ඒ වුනත් කෝලි මේ දවස්වල සිය පෞද්ගලික ජීවිතයට වැඩි තැනක් ලබා දීල තියනවා කියලයි වාර්තා වෙන්නේ.

දෙන්න එක්ක පසුගිය සති අන්තයේ දී සිය විවාහය සිදු වූ ඉතාලියේ රෝම නගරයටත් ගිහින් දවස් කිහිපයක් එහෙ ගත කරා කියලත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

කොහොම වුණත් ඒ සංචාරය ඉවරවෙලා ආපහු ඉන්දියාවට එන්න කෝලිට සිද්ධ වුණා. ඒ ඉන්දියාවේ ප්‍රකට ඉලේක්ට්‍රොනික් සමාගමක් වුණ ‘පිල්ප්ස්’ සමාගමේ ලාංඡන තනාපති ලෙස වැඩ භාර ගන්න කියලයි වාර්තා වෙන්නේ.

මේ වැඩේ ඉවරවුණ ගමන් දෙන්නම චීනයේ හා මැලේසියානු රටවල සංචාරය කිරීමට සූදානමින් ඉන්නවා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post