News Line| Off Air
Generic placeholder image

Jun
20

චන්දිමාල් වැරදිකරු වෙයි. හතුරුට ගුරුසිංහටත් වැඩ වරදින ලකුණු.

1154 Views


චන්දිමාල් වැරදිකරු වෙයි. හතුරුට ගුරුසිංහටත් වැඩ වරදින ලකුණු.

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම අතර තිබුණ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ලවූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට එක් ටෙස්ට් තරඟ තහනමක් සහ මුළු තරඟ මුදලම කපා හැරීමට ICCය විසින් තීරණ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව හා කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන සහ අවසන් ටෙස්ට් තරඟය චන්දිමාල්ට අහිමි වෙනවා.

ඒ වගේම එදා තරඟයේදී චන්දිමාල්, ගුරුසිංහ සහ හතුරුසිංහ එකතුවෙලා කරපු දෙය නිසා ක්‍රීඩාවේ ජිවගුණයට හානියක් වුණා කියලත් වෙනමම පරික්ෂණයක් කරන්නත් ICC ය ලෑස්තියි කියල කියනවා. පන්දුව පළුදු කිරීමේ චෝදනාව එල්ලවුණ දවසේ පැය දෙකක පමණ කාලයක් ක්‍රීඩා පිටියට නොපැමිණිම හේතුවෙන් මෙම තීරණය ගත්තා කීයලයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post