“ගංජා” එහෙමත් නැත්තන් “කංසා” කියන්නේ අපේ රටේ නම් තහනම් මත්ද්‍රව්‍යයක්. එත් සිංහල වෙදකමේදී බෙහෙතක් විදිහට මේ ගංජා පාවිච්චි කරනවා.මේ ගංජා භාවිතය නීතිගත කරන්න කැනඩා පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දීලා තියෙනවා. මෙච්චර කාලෙකට ගංජා භාවිතය නීතිගත කරල තිබුනේ උරුගුවේ රාජ්‍යයේ විතරයි. මේ තීන්දුවත් එක්ක ලෝකේ ගංජා භාවිිතය නීතිගත වුන දෙවන රට විදිහට කැනඩාව පත්වෙනවා.
කැනේඩියානු සෙනෙට් මණ්ඩලයේදී කංසා භාවිතයට අවසර ඉල්ලමින් ගෙන ආ පනතකට ඡන්දය විමසේදී එයට පක්ෂව ඡන්ද 52 ක් සහ විපක්ෂව ඡන්ද 29 ක් ලැබිල තිබුණා.
කැනඩාව විසින් ගංජා භාවිතය 1923 වසරේදී නීති විරෝධී බවට ප්‍රකාශ කරා. එත් ආපහු 2001 අවුරුද්දේ ඉඳන් ඖෂධ සඳහා පමණක් ගංජා භාවිතයට නීති සම්පාදනය කරා. කොහොම වුණත් අලුතින් සම්මත වුන පනත එළඹෙන සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
https://youtu.be/z7QB6PjYTYE