News Line| Off Air
Generic placeholder image

Jun
21

පිටියට එන්න බෑ කිව්වට චන්දිට, හතුරුට සහ ගුරුසිංහට ICC යෙන් තරඟ 8 ක තහනමක්?

955 Views


පිටියට එන්න බෑ කිව්වට චන්දිට, හතුරුට සහ ගුරුසිංහට ICC යෙන් තරඟ 8 ක තහනමක්?

කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කරා කියලා චෝදනා එල්ල වුණා. ඒ නිසා ඒකට විරෝධය දක්වලා ලංකාවේ ක්‍රීඩකයින් පිටියට එන එක ප්‍රතික්ෂේප කරා. කණ්ඩායමේ කළමනාකරු ගුරුසිංහ සහ පුහුණුකරු හතුරුසිංහ ක්‍රීඩකයින් එක්ක පිටියෙන් එලියට වෙලා සාකච්ඡා කරා.

ලංකාවේ මේ ක්‍රියාවට එරෙහිව ICC ය ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාට, පුහුණුකරුට සහ කළමනාකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරලා තියෙනවා. ICC විනය විධිවිධාන ප්‍රකාර එය “ක්‍රීඩාවේ ජීව ගුණයට එරෙහි” තුන්වෙනි තලය (Level 3) යටතට වැටෙන බරපතල චෝදනාවක්.

මේ චෝදනා වලට ලංකාව නිවැරදි කිව්වොත් ඔවුන්ට එරෙහිව විශේෂ කොමසාරිස්වරයෙකු මගින් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි. ඒ පරීක්ෂණයෙන් ඔවුන් වැරදිකරුවන් වුනොත් ඔවුන්ට තරග 4 සිට 8 ක් දක්වා වූ තහනමක් පනවන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post