News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

“එයාට තනියම යන්න දෙන්න බෑ, රෙජිස්ටාර් ගෙනල්ලා මාව බන්දලා දෙන්න.” – මියගිය පෙම්වතාගේ දේහය ළඟ පෙම්වතියක් හඬා වැටුණු හැටි.

2725 Views


“එයාට තනියම යන්න දෙන්න බෑ, රෙජිස්ටාර් ගෙනල්ලා මාව බන්දලා දෙන්න.” – මියගිය පෙම්වතාගේ දේහය ළඟ පෙම්වතියක් හඬා වැටුණු හැටි.

ආදරය කියන්නේ හරි පුදුම දෙයක්. ආදරයට ගොඩක් අය නිර්වචන දෙන්න හදනවා. හැබැයි එකකින්වත් ආදරය ගැන හරි අර්ථයක් දෙන්න බෑ. ආදරයට නිර්වචනයක් දෙන්න පුළුවන් ආදරයෙන්ම විතරයි.

පසුගිය දවසක කඩවත අධිවේගි මාර්ග පිවිසුම අසළදී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගිහින් දෙදෙනෙක් තුවාල ලැබුවා. විදියට අවාසනාවන්ත ලෙස මිය ගිහින් තිබුණේ 23 හැවිරිදි චිරාන් ඉසුරු නැමති තරුණයා. අනතුරෙන් ඔහුගේ පෙම්වතිය දැඩි ලෙස තුවාල ලබලා තාමත් රාගම රෝහලේ ප්‍රතිකාර ගනිමින් ඉන්නවා.

අවසන් වෙනකන් ඇගේ ආදරණිය පෙම්වතා මියගිහින් කියලා ඇය දැනගෙන හිටියේ නෑ. ඒ නිසාම ඔහුට ඉක්මන් සුවය පතා ඇය ලෙඩ ඇඳේ ඉඳන් ලියුමකුත් ලියල තිබුණා. මේ ලියුම අදාල තරුණයගේ දේහය මත තියන්න පවුලේ අය කටයුතු කරල තිබුණා.

තරුණයාගේ දේහයේ අවසන් කටයුතු කරන දවසේ පෙම්වතියව රෝහලේ උපකාර ඇතුව දේහය බලන්න එක්කන් ආවා. ඒ මොහොත එක දවසක් හරි ආදරය කරපු කෙනෙකුට නොහඬා බලන්න ඉන්න බැරි වුණා. තමන්ගේ පෙම්වතා මිය ගිහින් කියලා දැන දැනත් පෙම්වතිය ඔහුව විවාහ කර ගන්න ඕන කියලා හැඬුවා.

මේ තියෙන්නේ ඒ සංවේදී මොහොතේ Video ව.


News Articles
Latest Videos
Most Popular Post