News Line| Off Air| Games
Generic placeholder image

Jun
22

අභියාචනය අද විභාගයට, චන්දිමාල හෙට පිටියට?

1252 Views


අභියාචනය අද විභාගයට, චන්දිමාල හෙට පිටියට?

මේ වෙද්දී ක්‍රිකට් ලෝලීන් හැමෝගෙම අවධානය යොමුවෙලා තියෙන්නේ චන්දිමාල් දිහාවට. ඒ ඔහු පන්දුවේ හැඩය වෙනස් කරා කියලා ICC ය දඩුවම් නියම කිරීමත් සමගයි. නමුත් මේ තීරණයට විරුද්ධව චන්දි ICC යට අභියාචනයක් යොමු කරා. එය විභාග කිරීම අද සිද්ධ වෙනවා.

ඊයේ නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ භාර කොමිසමේ සභාපති නීතීඥ මයිකල් බෙලොෆ් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ අභියාචනාව විභාග කරනවා කියලයි.

කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග විනිසුරුවන් හා තරග තීරකවරුන් මෙන්ම , ශ්‍රී ලංකා කන්ඩායමේ පාර්ශව සහභාගී කරවා ගනිමින් මෙම විභාග කිරිම සිදුකරන බවත් මේ නිවේදනයේ සඳහන්.

ඔවුන් පවසන්නේ චන්දිමාල්ට දුරකතන ඔස්සේ හෝ විඩියෝ සංවාද ඔස්සේ මෙම විභාග කිරීමට සම්බන්ධ වෙන්න පුළුවන්.

මෙම විභාගයෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සිය මතය ප්‍රකාශ කිරීමට නියමිතයි. ඒ වගේම හෙට පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයට බොහෝවිට චන්දිට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙයි කියලයි මේ වෙද්දී ආරංචි වෙන්නේ. එහෙම වුණත් හෙට තරඟයෙන් පසුව ඊළඟට පැවැත්වෙන ටෙස්ට් තරඟයකදී චන්දිට තරඟ තහනම ලැබේවි.


News Articles
Latest Videos
Most Popular Post