News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

ශාරුක් සහ රන්වීර්ට ඕනදෙයක් කරගන්න කියලා සල්මාන් වේදිකාවෙන් බැසයයි.

1035 Views


ශාරුක් සහ රන්වීර්ට ඕනදෙයක් කරගන්න කියලා සල්මාන් වේදිකාවෙන් බැසයයි.

දැන් මුලු බොලිවුඩයම මග බලං ඉන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ එනකං. ඒ කිං කාන් ශාරුක්ගේ Zero, රන්වීර් සිංගේ සිම්බා සහ සල්මාන්ගේ දබාන්ග් 3 මේ දෙසැම්බර් මාසේ රිලීස් වෙන නිසයි.

පහුගිය කාලෙ බොලිවුඩයේ සාර්ථකම නලුවෝ තුන් දෙනා වුණු ශාරුක්, සල්මාන් සහ රන්වීර් නිසා මේ ෆිල්ම්ස් 3න් මොන ෆිල්ම් එක බොක්ස් ඔෆීස් වාර්තා බිදීද කියලා තාම කියන්න බෑ.

හැබයි අපිට ලැබුණු අලුත්ම ආරංචියේ හැටියට සල්මාන් මේ තරගෙන් අයින් වෙන පාටයි. පහුගිය දවසක සල්මාන් ලගම හිතවතෙක්ට කියලා තියෙනවා ඩබාන්ග් 3 ලබන අවුරුද්දේ රිලීස් කරානං හොදයි වගේ කියලා. එහෙම වුණොත් ශරුක්ගේ සීරෝ සහ රන්වීර්ගේ සිම්බා අතර කරට කර තරගය තියේවි කියලයි බොලිවුඩ් විචාරකයෝ කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post