කිසිම ලාභයක්, බලාපොරොත්තුවක් නැතුව, ලෝකයට හෙවණ දෙන්න. ලෝකයට හුස්ම දෙන්න, අපිට පුලුවන්ද…ගහක් වගේ..? ඔව් පුළුවන් අපි හැම කෙනෙක්ටම..
ලෝක කාන්තාරීකරණයට එරෙහිව 2018 / 06 / 16 දින මැදිරිගිරිය ප්‍රදේශයේදී කුඹුක් පැල 200 ක් ජාතියට දායාද කිරීමක් සිද්ධ වුණා. කුඹුක් පැල හිටවන්න තෝරාගත්තේ මහවැලි අධිකාරියට අයත් භූමි බාගයක්.
#Youth_Of_Hope කියන සංවිධානය තමයි මේ කටයුත්ත කලේ. ඔවුන්ගේ බලාපොරොත්තුව මේ ව්‍යාපෘතිය හරහා වසර 10ක් ඇතුලත කුඹුක්, මී, ඇහැළ, නා ප්‍රමුඛ පැළ ලක්ෂ 10ක් සිටුවා පරිසරයේ සමතුලිතාවය ඇති කරමින් මිනිසාට සතා සිව්පාවාට සුවදායී පරිසරයක් ඇති කිරීමයි.
මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරූප