News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
23

‘ඩී’ කාණ්ඩයේ ආර්ජන්ටිනා කණ්ඩායමේ ඉරණම තීරණය වෙයි. ඊයේ ලෝක පාපන්දු ශුරතා තරඟයේ නයිජීරියාවට සිද්ධ වුණ දේ මෙන්න.

2405 Views


‘ඩී’ කාණ්ඩයේ ආර්ජන්ටිනා කණ්ඩායමේ ඉරණම තීරණය වෙයි. ඊයේ ලෝක පාපන්දු ශුරතා තරඟයේ නයිජීරියාවට සිද්ධ වුණ දේ මෙන්න.

පාපන්දු ලෝක කුසලානයේ තවත් එක තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ ප්‍රබල නයිජීරියා කණ්ඩායම සහ අයිස්ලන්ත කණ්ඩායම අතර. මේ තරඟය ‘ඩී’ කාණ්ඩයේ තරඟයක්. ‘ඩී’ කාණ්ඩයේ ආර්ජන්ටිනා කණ්ඩායමේ ඉරණම තීන්දු කරන තරඟය වුනේ ඊයේ තරඟය. බැරිවෙලාවත් අයිස්ලන්ත කණ්ඩායම මේ තරඟය දිනුවානම් නම් ආර්ජන්ටිනා කණ්ඩායමේ සියලූම බලාපොරොත්තු සුන් වෙන්න තිබුණා.

තරඟයේ පළමු භාගයේ දෙපිලටම ගෝල රැස් කිරීමට පුළුවන් වුණේ නැහැ. කොහොම වුනත් තරඟයේ දෙවන භාගය පටන් අරං විනාඩි 4ක් යන්න කලින් (49 වැනි විනාඩියේදී)තරඟයට අවතීර්ණ වුන නයිජීරියානු ක්‍රීඩක අහමඞ් මුසා, ඊයේ තරඟයේ පළමු ගෝලය වාර්තා කරන්න සමත් වුණා. ඒ වගේම 75 වැනි මිනිත්තුවේදී දෙවන ගෝලයද වාර්තා කරමින් තරඟයේ වීරයා බවට පත් වෙන්නත් අහමඩ් ට පුළුවන් වුණා.

මේ අනුව ආර්ජන්ටිනා කණ්ඩායමට ලෝක කුසලානයේ රැදි ඉන්න අවස්ථාව ලැබුණා. ඒ වුනත් නයිජීරීයාව එක්ක තරඟය ඔවුන් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්න ඕන.

මේ තියෙන්නේ ඊයේ තරඟයේ විශේෂ අවස්ථා…

https://youtu.be/KIk9avLQSds


News Articles
Latest Videos
Most Popular Post