News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
24

අම්බලන්තොට චිකන් කොත්තුවක ගෙඹි මස්. – Photo

1210 Views


අම්බලන්තොට චිකන් කොත්තුවක ගෙඹි මස්. – Photo

බඩ විරේක කරන්න ඕන නම් හන්දියේ කඩෙන් කොත්තුවක් කන්න කියලා නේ දැන් කියන්නේ. ඒ තරමටම කොත්තු හදන ගොඩක් කඩවල පිරිසිදු කම නම් අන්තිමයි.කොත්තු වලත් විවිධ වර්ග තියෙනවා නේ.

බිත්තර කොත්තු, චිකන් කොත්තු, ඉඳිආප්ප කොත්තු වගේ. හැබැයි අම්බලන්තොට කඩේකින් ගෙඹි කොත්තුවක් හම්බෙලා තියෙනවා. අම්බලන්තොට කඩේකින් ඊයේ (23) රෑ කාන්තාවක් ගත්ත චිකන් කොත්තුවක ගෙම්බෙක් ඉඳලා තියෙනවා.

කොත්තුව ගහද්දි මේ ගෙම්බත් කැබලි වලට කැඩිලා තැම්බිලා. මේ ගෙඹි කොත්තුව දීපු කඩේ හිමිකාරිණියගෙන් අම්බලන්තොට කොට්ඨාශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.ජී නිශාන්ත මහතා ප්‍රකශ සටහන් කර ගෙන තියෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර ආපනශාලා හිමිකාරීණිය 25 වැනිදා හම්බන්තොට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post