News Line| Off Air
Generic placeholder image

Jun
25

සම්බන්ධන් විපක්ෂ නායකකම අතහැර ඇමතිකමක් ගනී?

621 Views


සම්බන්ධන් විපක්ෂ නායකකම අතහැර ඇමතිකමක් ගනී?

විපක්ෂ නායක ධුරය අතාහැරලා අමාත්‍ය ධුරයක් ලබා ගන්න කියලා ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයාට පහුගිය දා ආරාධනාවක් ලැබුණා. මනෝ ගනේෂන් අමාත්‍යවරයා තමයි මේ යෝජනාව කරේ. ඒ ගැන විපක්ෂ නායකයා දරන අදහස මොකක්ද කියලා උතුරේ මාධ්‍යවේදීන් ඔහුගෙන් ඇහුවා.

යෝජනාව පිළිබඳව බොහෝ කරුණු සිතා බලන්න ඕන කියලා සම්බන්ධන් මහතා මාධ්‍යවේදීන්ට කිව්වා. රජයෙන් අමාත්‍ය ධුරයක් ලබා ගන්නා ලෙස යෝජනා වී ඇත්තේ සෘජුවම රජයෙන් නොව අමාත්‍යවරයකුගෙන් නිසා මේ ගැන බොහෝ සෙයින් කල්පනා කරන්න ඕන කියලයි එතුමා කියන්නේ.

මේ තත්ත්වය ඉතාම සාධනීය තත්ත්වයක් වුවත් තමන්ට එක එල්ලේ ඒ ගැන තීරණයක් ගැනීමට හෝ අදහසක් දැක්වීමට නොහැකි කියලා විපජ්ෂ නායකවරයා අදහස් දැක්වුවා. කොහොම වුනත් මේ යෝජනාව ගැන දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන්ගෙන්ම විරෝධයක් ඇති වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post