උදයංග වීරතුංග කියන්නේ ලංකාවේ ජාත්‍යන්තර පොලිසියෙන් රතු වරෙන්තු නිකුත් කළ සැකකරුවෙක්. හැබැයි තාමත් ඔහුව හොයා ගන්න බැරි වෙලා තියෙනවා. එත් හිටපු ජනාධිපතිවරයා පහුගිය දවසක කිව්වේ උදයංග වීරතුංග ලංකාවට ගෙනත් දෙන්නම් කියලා.
කිව්වා වගේම රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේ සතිය ඇතුළත ලංකාවට පැමිණ අධිකරණයට බාරවීමට සූදානමින් සිටින බව වාර්තා වෙනවා. ‘යහපාලන වින්දිතයෝ‘සංවිධානය හරහා ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට බාරවීමට හිටපු තානාපතිවරයා සැලසුම් කරලා තියෙනවා. ඊට අදාළව ඔහු ජීවත්වන රටේ අධිකරණයට ඊයේ (25දා) දිනයේදී කරුණු වාර්තා කර තිබුණා.
පසුගිය දින කිහිපයේදී ‘යහපාලන වින්දිතයෝ’ සංවිධානයේ ප්‍රධානීන් සමග උදයංග වීරතුංග මහතා දුරකථන මගින් අදහස් හුවමාරුකරගෙන තියෙනවා. ‘යහපාලන වින්දිතයෝ සංවිධානයේ සභාපතිවරයා වශයෙන්හි ටපු අග්‍රමාත්‍ය ලේකම් එස්.අමරසේකර මහතා හා ලේකම්වරයා වශයෙන්ම හබැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කටයුතු කරනවා.