News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

මාලඹේ ඉඳන් පිටකොටුවට විනාඩි 30න් එන්න සැහැල්ලු දුම්රිය මාර්ගයක්.

2095 Views


මාලඹේ ඉඳන් පිටකොටුවට විනාඩි 30න් එන්න සැහැල්ලු දුම්රිය මාර්ගයක්.

රථවාහන තදබදය තියෙන වෙලාවක මාලඹේ ඉඳන් කොටුවට එන්න පැයක් විතර යනවා. ඒ නිසා ඉක්මනට මාලඹේ ඉඳන් පිටකොටුවට එන්න ක්‍රමයක් හදන්න සූදානම් වෙනවා.

විනාඩි 30ක් තුළ මාලඹේ සිට පිටකොටුවට ළඟා විය හැකි සැහැල්ලු දුම්රිය මාර්ගය මෙම වසර අවසානයේදී ආරම්භ කිරීමට කටයුතු කරන බව බස්නාහිර මහ නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරා.

මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතෙන් මේ සැහැල්ලු දුම්රිය මාර්ගය ආරම්භ වෙනවා. සැහැල්ලු දුම්රිය මාර්ගය මාලඹේ, කොස්වත්ත, බත්තරමුල්ල, රාජගිරිය, බොරැල්ල, ඇස්වාට්ටුව හරහා පිටකොටුව දක්වා ඉදිකිරීමට නියමිතයි. මෙම මාර්ගය අතරතුර නැවතුම් ස්ථාන 16ක් ඉදිකිරීමටද සැලසුම් කර තියෙනවා.

ජපන් රජයේ මූල්‍යාධාර මතමෙම සැහැල්ලු දුම්රිය ඉදිකරනවා. මෙම වසර අවසානයේ ඒ සඳහා වන ගිවිසුම අත්සන් කරන්න නියමිතයි. වසර තුනහමාරක් තුළ මෙම මාර්ගය ඉදිකර අවසන් කිරීමට සැලසුම් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post