News Line| Off Air
Generic placeholder image

Jun
26

තැපැල් වර්ජනය නිසා විභාග කල් යයි. කඩඉම් විභාගවල ප්‍රවේශපත්‍ර අන්තර්ජාලයෙන් ලබා ගන්නා විදිය මෙන්න.

686 Views


තැපැල් වර්ජනය නිසා විභාග කල් යයි. කඩඉම් විභාගවල ප්‍රවේශපත්‍ර අන්තර්ජාලයෙන් ලබා ගන්නා විදිය මෙන්න.

තැපැල් සේවකයින් ආරම්භ කරපු වර්ජනය තාමත් අවසන් වෙලා නෑ. මේ නිසා විභාග අපේක්ෂකයන් ලොකු අපහුතාවයකට පත්වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතව තිබූ තරග විභාග කල් දමන්න විභාග දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා.

කොහොම නමුත් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන කාර්යක්ෂමතා කඩඉම් විභාගවල ප්‍රවේශපත්‍ර අන්තර්ජාලය මගින් ලබා ගන්න පහසුකම් සළසා තියෙනවා.

ඒ අනුව මේ මස 30 වනදා පැවැත්වීමට නියමිතව තිබෙන සංවර්ධන නිලධාරී සේවයේ වන කාර්යක්ෂමතා කඩඉම් විභාගයට අදාළ ප්‍රවේශ පත්‍ර www.doenets.lk වබේ අඩවිය හරහා ලබා ගන්න පුළුවන්. එහි “News Headlines” යන කොටසට පිවිසීමෙන් ප්‍රවේශපත්‍ර බාගත (Download) කරගත හැකියි.

ඒ විදියට ලබා ගන්න බැරි අයැදුම්කරුවන්ට 1911 හෝ 011-2785230 දුරකථන අංකය ඔස්සේ අදාළ ප්‍රවේශපත්‍ර ෆැක්ස් මගින් ගෙන්වා ගන්න පුළුවන්. ලබා ගන්නා ප්‍රවේශ පත්‍රයන් තනි කොළයේ දෙපැත්තට ලබා ගත නොහැකිනම් එහි අත්සන සහතික කිරීමේදී අයැදුම්කරුවන්ගේ අත්සන පිටු දෙකෙහිම සටහන් කළ යුතු බවද සඳහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post