බොදු බල සේනා සංවිධානයේ සභාපති ගලගොඩඅත්තේ ඥාණසාරහිමි බන්ධනාගාරගත කිරීම රටේ ලොකු ආන්දෝලනයකට හේතු වුණා. ඒ උන්වහන්සේට සිවුර ගලවා ජම්පරය අඳින්න වුන නිසා. නිදහස්වීමෙන් පස්සේ ඥාණසාර හිමියන් විශේෂ සාකච්ඡාව අද පැවැත් වුවා.
උන් වහන්සේ එහිදී කිව්වේ අධිකරණය නැමැති දේවාලයේ නීතිය කියන දෙවියො ඉස්සරහා යදින කපුවන්ට ආවතේව කරන අයට දැන් මේ තොවිලෙ හොඳට කලා කියලා වරදානත් ලැබිලා තියෙනවා කියලා. මේ වෙනෙකොට අදාල අයට රටේ ආරක්ෂක මූලස්ථානයට සම්බන්ධ ප්‍රධාන තනතුරකටත් 14 වෙනිදට කලින් පත්වීම ලැබීලා කියලත් උන්වහන්සේ සඳහන් කරා.
“ඒ අය මට කිවුවා ජම්පරේ අඳින්න කියලා. ඒක තමයි නීතිය. මම ඒ මිනිස්සුත් එක්ක ගැටෙන්න ගියේ නෑ. කණ්ඩායම් කිහිපයක්ම ඇවිල්ලා කිවුවා. ඒ ගොල්ලන්ගෙ රාජකාරිය අධිකරණයෙන් වරදකරුවෙකු කරලා එවපු කෙනෙකුට පොතේ තියෙන ඩියුටිය කරන එකනෙ. ඒක තමයි එ් ගොල්ලන්ගෙ රස්සාව. ඒ නිසා මේ හෙළිදරව් කිරීමෙන් පස්සෙ ඒ අයට ගෙදර යන්න වෙයිද දන්නෙ නෑ. එහෙම වෙන්න දෙන්නෙ නැහැ අපි ඒ මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා.” කියලා උන්වහන්සේ සඳහන් කරා.
වැඩිදුරටත් අදහස් දැක්වුව උන්වහන්සේ කිව්වේ “මම එළියට ඇවිල්ලත් කිවුවෙ මම රාජ්‍ය නීතියට අභියෝග කලෙත් නෑ. භික්ෂූ නීතිය බිඳගත්තෙත් නෑ. එ් නිසා ඇතුලට ගිය ඥාණසාර හාමුදුරුවොමයි එළියට ආවෙ.” කියලා.
“මාව එල්ලුම් ගහේ එල්ලුවත් ජම්පර් අඳින්නෙ නෑ. එයාලට ගරු කරලා මම එළියට නොබැහැ හිටියා. එයාලට කරන ගෞරවයක් විදියට මම සිවුර පැත්තකින් තියලා අඳනෙයි පටියයි බැඳගෙන තුවායක් කරේ දාගෙන මම හිටියා.”