News Line| Off Air| Games
Generic placeholder image

Jun
26

ලංකාවේ පාස්පෝට් අවසන් වෙයි. රට යන්න හිටිය අයට වෙන දේ මෙන්න.

3659 Views


ලංකාවේ පාස්පෝට් අවසන් වෙයි. රට යන්න හිටිය අයට වෙන දේ මෙන්න.

රටකින් තවත් රටකට යන්න තියෙන අවසර පත තමයි පාස්පෝට් එක. සිංහලෙන් කිව්වොත් ගුවන් ගමන් බලපත‍්‍රය. වලංගු පාස්පෝට් එකක් නැතුව කිසිම රටකට ඇතුල් වෙන්න බෑ. ලංකාව නිකුත් කරන සියලූ රටවල් සඳහා වලංගු වන පරිදි නිකුත් කෙරෙන ගුවන් ගමන් බලපත‍්‍ර අවසන් වෙලා තියෙනවා.

ඒ නිසා සියලූ රටවල් සඳහා වලංගු වන ගුවන් ගමන් බලපත‍්‍ර අයදුම් කරන්නන්ට නිකුත් කරන්නේ සියලූ රටවල් සඳහා වලංගු බවට මුද්‍රාවක් සහිත මැදපෙරදිග රටවල් සඳහා පමණක් වලංගු ගමන් බලපත‍්‍රයක්. හැබැයි සමහර රටවල් ඒ වගේ සංශෝධිත පාස්පෝට් පිළිගන්නේ නෑ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙ පාස්පෝට් එක කිසියම් රටකින් පිළිනොගත්තොත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අදාළ රටේ සමගාමී ආයතනයට සිදු කරන දැනුම් දීමක් මගින් එම අපහසුතා මඟහරවා ගන්න පුළුවන් කියලා.


News Articles
Latest Videos
Most Popular Post