පසුගියදා මාතර නිලේකා ජුවලරි ආයතනය කොල්ලකන්න ආපු මංකොල්ල කරුවන්ගේ වේඩි පහරකට පොලිස් නිළධාරීන් ලක් වුණා. ඒ වෙලාවේ ඉක්මනටම ඔවුන්ව රෝහල් ගත කිරීමට කටයුතු කල තරුණයින් ගැන සමාජයේ ගොඩක් අයගේ කතාබහට ලක් වුණා. ඊට පස්සේ ඔවුන් අගයන්න මාතර පොලිස් අධිකාරී කාර්යාලය ඔවුන්ට මුදල් ත්‍යාග ලබා දීමටද පියවර ගත්තා.
කොහොම වුණත් ඔවුන් කවුද කියල ගොඩක් අයගේ අවධානයට ලක් වුණා. මේ වෙලාවේදී ප්‍රධානත්වය අරගෙන කටයුතු කරල තියෙන්නේ ළහිරු ප්‍රසාද් කියන තරුණයෙක්.
CCTV දර්ශණ වල ඉන්න වෙඩි වැදීල හිටපු පොලිස් නිලධාරියාව තනිනයම ඔසවාගෙන වාහනේ දොරත් තනියම ඇරගෙන පොලිස් නිළධාරියාව ඉක්මනට රෝහලට ගෙනගියේ ඔහු. ඉතින් ඔහුට සියත 24 අපිත් ඔහුගේ ක්‍රියාව අගයන්න මේක අවස්ථාවක් කරගන්නවා.
මේ තියෙන්නේ ඔහුගේ ඡායාරූපයක්…