News Line| Off Air| Games
Generic placeholder image

Jun
28

අද එක ලග්නයකට ලැබීමට තිබුණ දෙයක් අනිවාර්යෙන්ම ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න

825 Views


අද එක ලග්නයකට ලැබීමට තිබුණ දෙයක් අනිවාර්යෙන්ම ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න

අද 2018 ජුනි මස 28 වන බ්‍රහස්පතින්දා  
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.41 සිට 03.20 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.39 සිට 03.06 දක්වා 
සුභ දිශාව: ඊසාන දිශාව 

මේෂ ලග්නය

නායකත්ව ගුණාංග තීව්‍ර වන දිනයකි. කායික ශක්තිය මනාව පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. විදෙස්ගමන් බිමන් වලට වඩාත් යෝග්‍ය දිනයකි. වෘත්තීය කටයුතු වලින් දියුණුවක්  අපේක්ෂා කළහැකි දිනයකි. නිසි තීරණ මත සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. සමාජයේ හොඳ නාමය දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය                                              ජය අංකය: 09

වෘෂභ ලග්නය

ජලයෙන් ප්‍රවේසම් විය යුතු දිනයකි. හදිසි අනතුරු වලින් වැළකිය යුතු දිනයකි. කල්පනාවෙන් කටයුතු කරන්න. වෙනදට වඩා ඔබව කැපී පෙනෙන දිනයකි. කතා විලාසය වෙනදට වඩා වෙනස්වන දිනයක් වන අතර කතාව නිසාම අන් අයගේ ආකර්ෂණය ලැබෙන දිනයකි. අන් අයට ආදරයෙන් සළකන දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. අධ්‍යාපන වැඩ කටයුතු වලටද සුභ දිනයකි.
ජය වර්ණය: ලා තැඹිලි පැහැය                                                    ජය අංකය: 08

මිථුන ලග්නය

විමසිල්ලෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. නව නිර්මාණ කටයුතු වලට ඉතාම සුභ දිනයකි. ගැඹුරු විෂයන් අධ්‍යනයට ඉඩ ලැබෙන දිනයකි. නිතරම අන් අය අතර කැපී පෙනෙන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. වගකීම් නිසි ලෙස ඉටුකිරීමට වග බලාගත යුතු දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                          ජය අංකය: 07

කටක ලග්නය

වගකීම් වැඩිවන වන දිනයකි. වඩාත් ගෞරවයෙන් යුතුව වැඩ කටයුතු කරගෙන යාමේ  දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. සැක සංකා හා කලකිරීම් වලින් තොර දිනයකි. නමුත් කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. අතපසු වුනු සියලුම වැඩ කටයුතු මනා විශ්වාසයකින් යුතුව නැවත ආරම්භ කිරීමට යෝග්‍ය දිනයකි. නිවසේ ආරක්ෂාව ගැන  සැළකිලිමත් විය යුතු දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                                        ජය අංකය: 06

සිංහ ලග්නය

ආචාරශීලීව කටයුතු කළහැකි දිනයකි. අතිරේක ආදායම් මාර්ග ඇතිවන දිනයකි. ක්‍රීඩා කටයුතු සාර්ථක වන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලින් වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. මනා පෞරුෂයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමටද වඩාත් සුභ දිනයකි.
ජය වර්ණය: ලා රන්වන් පැහැය                                                       ජය අංකය: 05

කන්‍යා ලග්නය

කතාවට දස්කම් දක්වන දිනයකි. වැඩි ආකර්ෂණයක් ලැබෙන දිනයකි. ආදායම් තත්වයද සුභ වන දිනයකි. කෘෂිකාර්මික වැඩ කටයුතු වලටද සුභ දිනයකි.  කරනා වැඩ කටයුතු වඩාත් කල්පනාකාරීව සම්පාදනය කරගන්න. අන් අය සමඟ කරන කටයුතු වලදී ඉවසීම ඔබට වඩාත් වැදගත් වේවි. උසස් පුද්ගල ඇසුර ලැබෙන දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                         ජය අංකය: 04

 

තුලා ලග්නය

ප්‍රසන්නව වැඩ කටයුතු කරගෙන  දිනයකි. මහා පරිමාන ව්‍යාපාර වලට අවස්ථාව ලැබෙන දිනයකි. සමාජය තුල සමතුලිතව කටයුතු කිරීමේ භාග්‍ය පවතින දිනයකි. අන් අයට වඩාත් ප්‍රිය උපදවන ආකාරයෙන් කටයුතු කරන දිනයකි. යම් යම් දේවල් වලින් ඔබට අතිරේක ආදායම් ලබාගත හැකි දිනයකි. විමසිල්ලෙන් යුතුව වැඩ කටයුතු කරගෙන යා යුතු දිනයකි. සතුරු පීඩාද දුරුකරගත හැකි දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය                                                          ජය අංකය: 03

වෘශ්චික ලග්නය

 

නිර්භීතව මෙන්ම මනා ඉවකින් යුතුව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකී. සත්‍ය අවබෝධය  දිනයකි. අන් අයව වඩාත් හොදින් තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි. පවුලේ   ගතකරන දිනයකි. නිසි සැලසුම් මත දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රෝස පැහැය                                         ජය අංකය: 02

ධනු ලග්නය

චිත්ත ඒකාග්‍රතාවය මනාව පවතින දිනයකි. ඔබට ලැබීම් අතින් ඉතාම සුභ දිනයකි. ලැබීමට තිබු යමක් අනිවාර්යයෙන්ම ලැබෙන දිනයකි. වඩාත් නිසි  දිනය ගත කළ හැකිය. එමෙන්ම කලබලයකින් තොරව කටයුතු කිරීමට වගබලාගත යුතු දිනයකි. විදෙස් අමුත්තෙකුට ආගන්තුක සත්කාර කිරීමට සිදුවන දිනයකි. අන් අයට ආදර්ශමත්ව කටයුතු කළහැකි දිනයකි.
ජය වර්ණය: කහ මිශ්‍ර රතු පැහැය                                 ජය අංකය: 01

මකර ලග්නය

ඔබේ සිතේ තිබු දුක් පීඩා දුරුව යන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යන්න. ධාරණ ශක්තියද මනාව පවතින දිනයකි. සරලව කටයුතු කිරීමට ප්‍රිය කරන දිනයකි. මෙතෙක් හමු නොවුණු දෙයක් නැවත ලැබිය හැකි දිනයකි. කෝපය ඉවතලා කටයුතු කරන්න. නිතරම ඔබේ සිත ශක්තිමත් කරගන්න. අනවශ්‍ය ගමන් බිමන් වලින්තොර වන්න.  නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. නායකත්ව ගුණාංග වඩාත් ඉස්මතු වන දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                       ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

සිත පාලනයකින් යුතුව කටයුතු කරන දිනයකි. අන් අයට වඩා ගැනීමේ හැකියාව පවතින දිනයකි. එමෙන්ම අද ඔබට හොඳ ඉවසීමෙන් යුතුව කටයුතු කළහැකි දිනයකි. අප්‍රමාදව, තැනට සුදුසු නුවණින් යුතුව වඩාත් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි.කලබලයකින් තොරව වැඩ කටයුතු මනාව සම්පාදනය කරගනීම්නට වෙහෙසෙන්න. එමෙන්ම අලුතින් යමක් ඉගෙනගන්නට යොමු වන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                        ජය අංකය: 02

 

මීන ලග්නය

තරමක සෙල්ලක්කාර ගති ලක්ෂණ පෙන්නුම් කරන දිනයකි. නමුත් බලය මෙන්ම නම්බු නාම ලැබෙන දිනයකි. එමෙන්ම අදහස් උදහස් වල දියුණුවක් ඇතිවන දිනයකි. නව ආදායම් මාර්ග ඇතිවන දිනයකි. ඔබේ රැකියා කටයුතු වලින්ද දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. සමාජ සේවා කටයුතු වලටද සුභ දිනයකි. කල්පනාවෙන් යුතුව කටයුතු සම්පාදනය කරගත යුතු දිනයකි. නිතරම ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා ගුරු පැහැය                             ජය අංකය: 01
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ 
දුරකථන: 011 50 10 829
 


News Articles
Latest Videos
Most Popular Post