News Line| Off Air| Games
Generic placeholder image

Jun
28

“මම ඒ වෙලාවේ අහක බලාගෙන ගියානම්, ඒ වෙලාවේ පොලිසියේ මහත්තයට වෙන්නෙත් මගේ අම්මට වුණ දේමයි” – මාතරදී පොලිස් නිළධාරීන්ව රෝහල් ගතකළ තරුණයා කියන කතාව

1649 Views


“මම ඒ වෙලාවේ අහක බලාගෙන ගියානම්, ඒ වෙලාවේ පොලිසියේ මහත්තයට වෙන්නෙත් මගේ අම්මට වුණ දේමයි” – මාතරදී පොලිස් නිළධාරීන්ව රෝහල් ගතකළ තරුණයා කියන කතාව

පසුගියදා මාතරදී ඇතිවුන සිදුවීමේදී වෙඩිවැදුනු පොලින් නිළධාරීන් කඩිනමින් රෝහල් ගත කල තරුණයින් 05 දෙනෙක් ගැන අපි මිට කලින් ඔබට කිව්වා. ඒ අයගෙන් එක් අයකුට රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග පොලිස්පති තුමන් පිරිනැමුවා. ඒ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වපු ගයාන් චානක තරුණයා මාධ්‍යට කියපු කතාව තමයි මේ.

ඔහුගේ මව දස සිල් මෑණියන කෙනෙක්. ඔහුගේ මව රිය අනතුරකට ලක්වූන වෙලාවේදී ඔහුගේ මවට කිසිවෙකුගේ උදව්වක් නොලැබුණු නිසා ඇය මියගිහින්. මේ හේතුව නිසා අදාළ පොලිස් නිළධාරියා වෙඩි වැදීල හිටපු වෙලාවේ අහක බලාගෙන යන්න ඔහුට හිතිලා නෑ. ඉතින් මේ නිසා ඒ අයට කඩිනමින් උදව් කිලා කියලයි ඔහු කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post