රජ පවුලකට සම්බන්ධ වෙනවා කියන එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද සාමාන්‍ය මිනිසුන් වගේ ඔවුන්ට හිතෙන විදියට හැසිරෙන්න බෑ. රජ පවුලට විශේෂ වුන වෙනම නීති පද්ධතියක් තියෙනවා.
බ්‍රිතාන්‍ය රජ පවුලේ මේ වගේ නීති රීති ගොඩක් තියෙනවා. ළඟදී රජ පවුලට එකතු වුන මේගන් පහුගිය දා ලෝකයටම පෙන්න රජ නීතියක් කඩ කරලා තිබ්බා. ඇය අසුන්ගෙන හිටිය විදියෙන් තමයි මේ නීතිය කඩ කරලා තියෙන්නේ. මහ රජිනත් ළඟ තියාගෙන තමයි ඇය මේ වැඩේ කරලා තියෙන්නේ.
සමාන්‍යයෙන් රජ පවුලේ කාන්තාවන් අසුන් ගන්න ඕන පාදයේ වළලුකර මතින් අනිත් පාදයේ වළලුකර හරස් වෙන විදියට. හැබැයි ඊයේ (27) බකිංහැම් මාලිගාවේ තිබ්බ උත්සවයකදී මේගන් කකුලක් උඩ කකුලක් දාගෙන වැඩිවෙලා ඉඳලා තියෙනවා. රැජිනත් ඇය අසලම සිටියදී තමයි ඇය මේ වැඩේ කරලා තියෙන්නේ.
ඒ නිසා මේගන් මහ රැජිනට අගෞරව කරා කියලා හතර වටෙන්ම ඇයට චෝදනා එල්ල වෙන්න පටන් අරං. මේ වෙද්දී මේගන් අවස්ථා 2 කදිම රජ පවුලේ නිතිය කඩ කරලා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.