News Line| Off Air
Generic placeholder image

Jun
29

අද එක ලග්නයක් කාන්තාවන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේසම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

964 Views


අද එක ලග්නයක් කාන්තාවන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේසම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුනි මස 29 වන සිකුරාදා
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.39 සිට 12.13 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.47 සිට 12.13 දක්වා 
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: ගිනිකොන

මේෂ ලග්නය

ගෙවල් දොරවල් වල වැඩ කරගන්න සුබ දවසක් . ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි.  ධනය මෙන්ම බලයද ලබාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ  පැහැය                                                    ජය අංකය: 07

වෘෂභ ලග්නය

කළාකාමී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍ය දවසක් . තරමක සැහැල්ලු මානසිකත්වයකින් කටයුතු කළහැකි දිනයකි.  සිතෙහි සතුට වර්ධනය වන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා  කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                ජය අංකය: 06

මිථුන ලග්නය

හවුල් ව්‍යාපාර කටයුතුවලට යම් දෙගිඩියාවක් ඇතිවන දවසක් .කොන්ද හා තුනටිය ආශ්‍රිතව ඔබට බොහෝ බාධා ඇතිවිය හැකි දිනයකි. කායික හා මානසික පීඩාකාරී තත්වයන් දුරුවන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වෙනසක් අපේක්ෂා කළහැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලානිල්  පැහැය                                                    ජය අංකය: 06

කටක ලග්නය

අන් අයගේ ආකර්ෂණය ලැබෙන සුභ දිනයකි. කලා කටයුතු වලටද යෝග්‍ය දිනයකි. සමාජයේ වැඩි ගෞරවයද නිමදව ලැබෙන දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. සමාජ පිළිගැනීම් නොමදව ලැබෙන දිනයක් වන අතර හවුල් ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. ආගමානුකුලව මෙන්ම ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                           ජය අංකය: 06

සිංහ ලග්නය

අත්සන් තැබීම් ආදී කටයුතු වලින් ප්‍රවේශම් විය යුතුම දවසක් . ඔබේ සෞඛ්‍ය ගැන නම් වෙනදට වඩා වැඩි අවදානයක් යොමු කළයුතු දිනයකි. කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව වැඩ කටයුතු කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. වැඩිහිටි උපදෙස් මත කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                         ජය අංකය: 06

කන්‍යා ලග්නය

හර්දය ආශ්‍රිත ගැටළු ඇතිවිය හැකි දවසක් ඒවගේම තමයි අද දවසේ ග්‍රහසිත්තමට අනුව සංචාරක කටයුතුවලින් වැඩි වැසි ඇතිවිය හැකිදවසක් විදියට අද දවස පෙන්නුම් කරලා තියෙනවා කෙසේ උනත් දවස සාර්ථක කරගන්න අගමනුකුලව දවස අරඹ කරන්න .
ජය වර්ණය: ලා කහා  පැහැය                                       ජය අංකය: 08

 

තුලා ලග්නය

ඔබට අද හොඳ දවසක් අන්‍ය දේශිත පුත්ගලයන්ගෙන් ඔබට උපකාර ලැබෙන දවසක් . සිතේ සතුටින් කල් ගෙවීමට හැකියාව ඇත. එමෙන්ම කල්පනාකාරී වන්න. නමුත් ඔබ ප්‍රවේසම් වීම වැදගත් වන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                      ජය අංකය: 06

වෘශ්චික ලග්නය

 

කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. වියදම් පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. වඩාත් ඉවසිල්ලෙන් හා  කල්පනාකාරීව මෙන්ම ඉවසීමෙන් වැඩ කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා දම්  පැහැය                                             ජය අංකය: 07

ධනු ලග්නය

ඔබේ වචන භාවිතයේදී සැළකිලිමත් වන්න. වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාවෙන් කටයුතු කරන්න. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. කෝපය නම් අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතු දිනයකි. අන් අයගේ වචනයටද ඇහුන්කම් දිය යුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                                  ජය අංකය: 07

මකර ලග්නය

බැංකු කටයුතුවලට අද දවසෙන් වැඩි කාලයක් යොදවන්න සිදුවන දවසක් . සෙම් සහිත රෝග ඇතිවීමට ඉඩ ඇති දිනයකි. ඔබේ පරිපාලන හැකියාව නම් ඉහල මට්ටමක පවතින දිනයකි. අදහස් යටපත් කරගන්නා දිනයක් විය හැකිය. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම ඔබට වඩාත් යහපත්.
ජය වර්ණය: කහ පැහැය                                 ජය අංකය: 09

 

 

කුම්භ ලග්නය

කාන්තාවන් සමග කරන වැඩ වලින් ප්‍රවේශම් වෙන්න ඕනේ . නමුත් චිත්ත පීඩා මෙන්ම කායික පීඩාකාරී තත්වයන්ද ඇතිවිය හැකි දිනයකි. වියදම් තත්වයද ඉහල යා හැකි දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                ජය අංකය: 03

 

මීන ලග්නය

අධ්‍යාපන කටයුතුවලදී වෙනදවට වඩා විමසිලිවන්ත විය යුතුයි . හැම අතින්ම ඔබට සාර්ථකත්වයක් ලබාගත හැකි ඔබ බලාපොරොත්තු වූ වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකි දිනයකි. සමාජ ගෞරවය නොමදව ලැබෙන දිනයකි. කල්පනාකාරීව ඔබේ වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය: ලා කහ  පැහැය                                           ජය අංකය: 07
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353
 


News Articles
Latest Videos
Most Popular Post