අලින්ටයි ළමයින්ටයි නලියන්නමයි හිත කියනවනේ. ළමයි වගේම තමයි අලිත් පොඩ්ඩක් අහක බලා ගත්තොත් කොහේ යනවද දන්නේනේ නෑ. කලාවැව ජාතික වනෝද්‍යානයේ හිටිය දැවැන්තම හස්තියා තමයි දීගජන්තු. කලාවැව ජාතික වනෝද්‍යානයේ ඉන්න දිගම දළ තියෙන ඇතත් මෙයා.
හැබැයි වෙඩි වැදිලා තුවාල වෙලා හිටිය දීගජන්තු පහුගිය දවස් කිහිපයේ අතුරුදහන් වෙලා හිටියේ. ඒ නිසා පොලිස් විශේෂකාර්ය බලකාය සහ වනජිවි නිලධාරීන් එකතු වෙලා විශේෂ මෙහෙයුමක් දියත් කරා. දවස් 10 ක් අතුරුදහන් වෙලා හිටිය දීගජන්තු කහල්ල – පල්ලෙකැලේ රක්ෂිතයේ ඉඳලා හොයාගෙන තියෙනවා.
ඊයේ (28) රාත්‍රියේ තමයි දීගජන්තුව හොයාගෙන තියෙන්නේ. වම පාදයට වෙඩි වැඩි තුවාල වෙලා ඉන්න දීගජන්තුට ආයෙත් ප්‍රතිකාර කරන්න පටන් අරගෙන තියෙනවා.