ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා රුපියල් 138 කින් පහළ ගියා. ගෑස් නිෂ්පාදනය කරන ආහාර වල මිලෙත් වෙනසක් වෙන්න යනවා. අද ඉඳන් ආපන ශාලා තේ මිල හෝ බත් පැකට්ටුවක මිල අඩු කිරීමට තීරණය කර ඇති බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව බත් පැකට් එකක මිලා රුපියල් 10 කිනුත් තේ එකක මිල රුපියල් 5 කිනුත් අඩු කරන්න නිර්දේශ කරලා තියෙනවා. සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය තුල අද පැවැත්වෙන සාකච්ඡුාවකින් පසුව බත් පැකට්ටු හෝ තේ මිල අඩු කරන්න නියමිතයි.
හැබැයි සියත ප‍්‍රවෘත්තී කල විමසීමකදී සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කලේ බේකරි නිෂ්පාදන වල මිල අඩු කරන්නේ නෑ කියලා.