හින්දු භක්තිකයන් කතරගම දෙවියන් තියෙන්නේ භක්තියක්. ඒ ගැන හොඳින්ම ඔප්පු තැනක් තමයි කතරගම ඇසළ පෙරහැර. වතුකරයේ දෙමළ ජනතාව කතරගම ඇසළ පෙරහරට එන්නේ පාද යාත්‍රාවෙන්.
හැටන් මස්කෙළිය ප්‍රදේශයෙන් හින්දු පිරිසක් ඊයේ මේ පාද යාත්‍රාව ආරම්භ කරා. මෙම පිරිස හැටන්, නුවරඑළිය, බණ්ඩාරවෙල, වැල්ලවාය, බුත්තල හරහා රක්ෂිත මාර්ගයක් ඔස්සේ කිලෝමීටර් 364 දුරක් පාද යාත්‍රාවේ යෙදෙනවා.
දවසකට කිලෝමීටර් 30 ක් ඔවුන් දිනපතා ගමන් කරනවා. රාත්‍රී කාලයේදී හින්දු කෝවිල්වල සහ විහාරස්ථාන වල ගිමන් හරිනවා. මේ කණ්ඩායම් කිහිපයක්ම ඉදිරියේදී කතරගම ඇසළ පෙරහැරට සම්බන්ධ වෙන්න නියමිතයි.