News Line| Off Air
Generic placeholder image

Jul
2

අලි එලවන්න ෆොන්සේකාගෙන් කිලෝමීටරයකට එක ආරක්ෂක නිළධාරියෙක්.

393 Views


අලි එලවන්න ෆොන්සේකාගෙන් කිලෝමීටරයකට එක ආරක්ෂක නිළධාරියෙක්.

ලංකාවේ තියෙන තවත් බරපතල ප්‍රශ්නයක් තමයි අලි මිනිස් ගැටුම. මේ ගැටුමට පිළියමක් විදියට කිලෝමීටර් 33 ක් අලි වැටක් මේ වෙද්දී ඉදිකරලා තියෙනවා. මේ අතර වනඅලි පලවා හැරීමට සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයින් යොදා ගන්නවා කියලා වනජීවී අමාත්‍ය සරත ෆොන්සේකා මහතා කිව්වා.

වන අලි පලවා හැරීමට ඉදිරියේදී තුන්දහසකට ආසන්න සිවිල් ආරක්‍ෂක බළකා සාමාජිකයන් පිරිසක් ලබා දෙන්න ජනාධිපතිතුමා එකඟ වෙලා තියෙනවා. ඉදිරි අවුරුදු එකහමාරක කාළය තුළ අලි මිනිස් ගැටුම විසඳන්න මම සැලසුම් කර තිබෙනවා. වනජීවී දෙපාර්තමේන්තුව හරි පොහොසත්. එකේ සල්ලි තිබෙනවා රුපියල් බිලියන පහක්.මේ මුදල් යොදවලා මට ඉදිරියේදී විශාල වැඩකොටසක් කරන්න පුළුවන්.’ කියලා එතුමා සඳහන් කරා.

“දැන් ඉන්නෙ විදුලි වැටේ කිලෝමීටර් 33ට සිවිල් ආරක්‍ෂක නිලධාරීන් 10 දෙනායි. ඉදිරියේදී මම විදුලි අලි වැටේ එක් කිලෝ මීටරයකට එක් සිවිල් ආරක්‍ෂක නිලධාරියෙකු ගාණෙ දාන්න සූදානම් පහසුකම් දීලා. දැනට සිවිල් ආරක්‍ෂකයො 1,700ක්, ඉදිරියේදී තවත් 3,000ක් දෙන්න ජනාධිපතිතුමා පොරොන්දු වුණා“ කියලා වනජීවී අමාත්‍යවරයා ප්‍රකාශ කරා.


News Articles
Latest Videos
Most Popular Post