News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

ලංකාව වගේ 23 ගුණයක මුහුදු කලාපයක් ලංකාවට අලුතෙන් හිමිවෙයි.

2628 Views


ලංකාව වගේ 23 ගුණයක මුහුදු කලාපයක් ලංකාවට අලුතෙන් හිමිවෙයි.

ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ පිහිටි දූපත් රාජ්‍යක්. ඒ නිසා ලංකාව වටේම සුන්දර මුහුදක් තියෙනවා. මේ විශාල මුහුදු කලාපය නිසා ලංකාවට ලැබිලා තියෙන ආර්ථික වාසිය මෙච්චරයි කියන්න බෑ.

නුදුරේදීම ඉන්දීය සාගර කලාපයේ තවත් වර්ග කිලෝමීටර දහසය ලක්ෂයක මුහුදු ප්‍රදේශයක් අපේ රටට ලැබෙන්න නියමිතයි. ඊට අදාළ සමුද්‍ර විද්‍යාඥ හා අන්තර්ජාතික විශේෂඥයන්ගේ විද්වත් සාකච්ඡා සාර්ථක ලෙස මේ වෙද්දීත් පැවැත් වෙනවා. එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ අන්තර්ජාතික සම්මුතියට අනුව තමයි මේ මුහුදු කලාපය ලංකාවට ලැබෙන්නේ.

අලුතින් ලැබෙන්න නියමිත මුහුදු කලාපය ලංකාව වගේ 23 ගුණයක් විශාලයි. ඒ විශාල මුහුදු කලාපයේ පිහිටි ඛනිජ තෙල් ගෑස් හා වටිනා ඛනිජ වර්ග කැණීමේ, පාවිච්චි කිරීමේ හා විකිණීමේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකාවට හිමි වෙනවා. ඒ වගේම මුහුදු පතුලේ නෛතික හිමිකාරිත්වය ශ්‍රී ලංකාවට ලැබෙනවා. මේ මුහුදු කලාපයේ ධීවර කර්මාන්තයේ යෙදෙන්නත් ලංකාවට අවසර ලැබෙනවා.

දැනටමත් ශ්‍රී ලංකාවට පිටතින් පිහිටි අනන්‍ය මුහුදු කලාපයේ අයිතිය ලංකාවට හිමි වෙලා තියෙනවා. ඒ ප්‍රමාණය වර්ග සැතපුම් පන් ලක්ෂ දාහත් දහසක්. ශ්‍රී ලංකාවේ ඉඳන් කිලෝමීටර් 200ක් ඈතින් වූ මුහුදු මායිම් ප්‍රදේශය දක්වා මේ මුහුදු කලාපය අයත්.

අපේ රටේ ඇති මහ ගංගාවල රොන් මඩ මෙම මුහුදු කලාපයේ තැන්පත් වීම නිසා එම මුහුදු කලාපය අපට ලබාගැනීමේ නීත්‍යනුකූල භාවය හිමි වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post