News Line| Off Air
Generic placeholder image

Jul
2

දුම්රිය විනාශ කරන අය අල්ලන්න අද ඉඳන් සිවිල් ඇඳුමින් දුම්රිය ආරක්ෂකයන්.

567 Views


දුම්රිය විනාශ කරන අය අල්ලන්න අද ඉඳන් සිවිල් ඇඳුමින් දුම්රිය ආරක්ෂකයන්.

දුම්රිය කියන්නේ ලංකාවේ දෙවෙනියට වැඩිම පිරිසක් භාවිතා කරන පොදු ප්‍රවාහන මාධ්‍ය. හැබැයි දුම්රියේ යන සමහරු හිතන් ඉන්නේ දුම්රිය එයාලාගේ පෞද්ගලික බූදලයක් කියලා.

දුම්රිය මැදිරි ඇතුලත වන විනාශකාරී ක්‍රියාවන් වැළැක්වීම සඳහා අද (02) ඉඳන් සිවිල් ඇදුමින් නියුතු දුම්රිය ආරක්ෂක නිළධාරීන් යොදවා තියෙනවා. කවුරු හරි දුම්රියට හානි කරලා අහු වුනොත් පොදු දේපළ විනාශ කිරීමේ පනත යටතේ සිර දඩුවම් ලබාදීමට කටයුතු කරනවා කියලා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කරා.

ඒ වගේම දුම්රියට වුන හානිය අය කර ගන්නත් නියමිතයි. දේශීය නිශ්පාදකයින් විසින් නවීකරණය කරන ලද මැදිරි 10 කින් යුතු විශේෂ දුම්රිය අද (02) දින පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයෙන් මාතර බලා පිටත් වුණා. ඒ අවස්ථාවේ පැවති උත්සවයේදී අමාත්‍යවරයා ඒ බව සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post