News Line| Off Air
Generic placeholder image

Jul
2

“කතරගම දෙවියන්ගේ හාස්කම් නිසා බේරුණේ.” – වෙඩි වැදුණු කිරිවෙහෙර විහාරාධිපති හිමි මුල්වරට මාධ්‍යට කියයි.

873 Views


“කතරගම දෙවියන්ගේ හාස්කම් නිසා බේරුණේ.” – වෙඩි වැදුණු කිරිවෙහෙර විහාරාධිපති හිමි මුල්වරට මාධ්‍යට කියයි.

බුදුරජාණන් වහන්සේට පවා ගල් පෙරලපු දේවදත්තලා හිටියා. දැනුත් දෙවදත්තලගෙන් සමාජයේ අඩුවක් නෑ. පහුගිය දවසක කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ටත් ඒ වගේ නරුමයින් පිරිසක් වෙඩි තිබ්බා.

හැබැයි වාසනාවට උන්වහන්සේගේ ජිවිතයට හානියක් වුණේ නෑ. කිරිවෙහෙරේ මහසෙන් දේවාලයේ කපුවා තමයි මේ වෙඩි තැබීම සිදු කරලා තිබ්බේ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබුව කොබවක ධම්මින්ද හිමියන් කොළඹ පෞද්ගලික රෝහලත ප්‍රතිකාර ලබමින් ඉන්නවා. ප්‍රහාරයෙන් පස්සේ උන්වහන්සේ පළවෙනි වතාවට මාධ්‍යට කතා කළා.

“කතරගම දෙවියෝ ජීවමානව වැඩ සිටීමත්, කිරිවෙහෙර සෑ රඳුන්ගේ ඉමහත් වූ හාස්කම් මතත් තමයි මගේ දිවිය බේරුණේ. මගේ උදරයේ පැත්තකින් වැදුණු වෙඩි උණ්ඩ අනිත් පැත්තෙන් පිටවෙලා තිබුණා. මගේ ශරීරයේ ඉන්ද්‍රියන්වලට ගෑවී නොගෑවී වෙඩි උණ්ඩයේ කොටස් පිටවෙලා තිබුණා. කතරගම දෙවියන්ගේ හාස්කම් මත තමයි මම බේරුනේ.” කියලයි උන්වහන්සේ සඳහන් කරේ.

උන්වහන්සේ වෙඩි තැබීමට හේතු වුන කරුණත් සඳහන් කරා. “මහසෙන් දේවාලයේ සේවය කළ අය විවිධ අයුරින් වංචාකාරීව බැතිමතුන් රවට්ටමින් තමයි සේවය කරන්නෙ. මම ඒ දරුවන්ට නොගැලපෙන අයුරින් කටයුතු කරන්න එපා කියලා අවවාද කළා. ඒ නිසා වෙන්න ඇති ඒ අය මාව ඝාතනය කරන්න සැළසුම් කරන්න ඇත්තෙ.”

“මේ අය වැරදි හදාගෙන සේවය නොකිරීම නිසා මට සිදු වුණා මහසෙන් දේවාලයේ සේවය කළ අසේල ඇතුළු පිරිසක් තාවකාලිකව ඉවත් කරන්න. මම මාසයකට තමයි මොවුන් ඉවත් කළේ. නමුත් ඒ දරුවන් කුමන හෝ පිරිසක් විසින් නොමග යවා මට නඩු දැමුවා. පසුව රටේ පවතින දේවාල ආඥාගම් පනත අනුව විහාරාධිපතී වහන්සේට ඇති අයිතිය අනුව මට පක්ෂව තීන්දුව ලැබුණා. මෙම පිරිසට නඩුවෙන් වාසියක් නොලැබුණු නිසා මට මේ දේ කරන්න ඇති.”

“බුදුන් දවසෙත් දේවදත්තලා හිටියා. මම වගේ භික්ෂුවකට මෙවැනි දේවල් සිදුවීම පිළිබඳව මම කනගාටු වෙන්නේ නැහැ. ඝාතනය කරන්න ආපු කීපදෙනාට මම මෛත්‍රී කරනවා. මගේ ජීවිතය බේරා දීමට ක්‍රියා කළ වෛද්‍යවරුන් ඇතුළු සියළු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.”


News Articles
Latest Videos
Most Popular Post