කුණු කියන්නේ දැන් දැවැන්ත ප්රශ්නයක්. හැබැයි මිනිස්සු හරියට කුණු කළමනාකරණය කරනවා නම් කුණු මෙච්චර ප්රශ්නයක් වෙන්නේ නෑ. නගරයේ ඉන්න සමහරු කරන කැත වැඩක් තමයි තමන්ගේ කුණු පාරේ තැන් තැන් වල දමලා යන එක.
ඒ වගේ කුණු පාරේ දාලා ගිය පිරිසකට අපූරු පාඩමක් උගන්වලා තිබ්බා. පිටකොට්ටේ නිවසක් අසලට සුපිරි රථයකින් රාත්රීයේ එන යුවලක් නිවාස ඉදිරිපිට පාරේ කුණු දාලා යනවා. ඔවුන් කුණු දාලා යන ආකාරය නිවසේ සවි කර තිබූ CCTV කැමරා වල සටහන් වෙලා තිබ්බා.
නිවෙස් හිමියන් කුණු දමා ගිය යුවලගේ සුපැහැදිලි ඡායාරූප ” මෙහි ඇති කුණු වල අයිතිකරුවන් ” යනුවෙන් සඳහන් කර එම තාප්පයේ දර්ශනය කරලා තියෙනවා. ඒ අයගේ මූණු වටේ පිටේ ඉන්න හැමෝටම හොඳට බලා ගන්න පුළුවන් වෙන්න.
තැන තැන කුණු දාලා යන හැමෝටම මේක හොඳ පාඩමක් වේවි.