News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

මාලඹේ ඉඳන් කොටුවට ගුවනින් යන සැහැල්ලු දුම්රිය මාර්ගය මෙන්න. – Photo

1742 Views


මාලඹේ ඉඳන් කොටුවට ගුවනින් යන සැහැල්ලු දුම්රිය මාර්ගය මෙන්න. – Photo

ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පෙරළියක් සිදු කරන ව්‍යාපෘතියක් තමයි සැහැල්ලු දුම්රිය පද්ධතිය හෙවත් ලයිට් රේල් ට්‍රාන්ස්සිට් (LRT) පද්ධතිය. ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මාලඹේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ සිට පිටකොටුව දක්වා මේ සැහැල්ලු දුම්රිය ගමන් කරන්න නියමිතයි.

පළමු අදියෙරේදී දුම්රිය මාර්ගය කිලෝමීටර් 25 ක් දිගින් යුක්තයි. දුම්රිය ස්ථාන 16 ක් මේ ඉදිකරනවා. බොරැල්ල, රාජගිරිය, බත්තරමුල්ල බොරැල්ල සහ ටවුන්හෝල් හරහා මේ සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදි කිරීමට නියමිතයි. මෙම සැහැල්ලු දුම්රිය මගීන් 165 ක් එකවර ගෙනයා හැකි මැදිරි 4 කින් සමන්විතයි.

දැනට කොළඹ කොටුවේ සිට මාලබේ දක්වා ගමන් කිරීමට සාමානයෙන් විනාඩි 45 – 90 අතර කාලයක් ගතවෙනවා. හැබැයි මේ සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමෙන් පස්සේ විනාඩි 30 න් යන්න පුළුවන්. මෙම ව්‍යාපෘතියේ පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු 2020 දී ආරම්භ වෙනවා. වාණිජ මෙහෙයුම් 2024 වන විට ආරම්භ කිරීමට තමයි අපේක්ෂා කරලා තියෙන්නේ.

මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් පසුගිය සිකුරාදා මේ සඳහා අවශ්‍ය ඉඩම් අත්පත් කර ගැනීම පිළිබදව නිවේදනය කරා. ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) මෙම ව්‍යපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7 ක ණය මුදලක් ලබා දෙනවා. ඒ අවුරුදු 12 ක සහන කාලයක් සහිතව අවුරුදු 40 ක ආපසු ගෙවීමේ කාල සීමාවක් එක්ක.


News Articles
Latest Videos
Most Popular Post