News Line| Off Air
Generic placeholder image

Jul
3

FIFA කුසලානයෙන් කැපුනත් ලෝකයටම ආදර්ශයක් දුන්න ජපනාගේ වැඩ. – Photo

940 Views


FIFA කුසලානයෙන් කැපුනත් ලෝකයටම ආදර්ශයක් දුන්න ජපනාගේ වැඩ. – Photo

ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ FIFA ලෝක කුසලානය දෙසට. ආසියාව නියෝජනය් කල එකම රට වුන ජපානයත් ඊයේ තරඟාවලියෙන් ඉවත් වුණා. හැබැයි ලෝකයේම ආදරය ගන්න ජපානය සමත් වුණා.

FIFA කුසලානයේ එක තරඟයක් බලන්න දහස් ගණනක් ප්‍රේක්ෂකයන් ක්‍රීඩාංගනයට එනවා. ඔවුන් කාලා බීලා විනෝද වෙලා ක්‍රීඩාංගනයේ කුණු දාලා යනවා. මේ නිසා විශාල කුණු ප්‍රමාණයක් එක තරඟයක් අවසානයේ ක්‍රීඩාංගනයේ ඉතිරි වෙනවා.

ජපනුන් ක්‍රීඩාංගනයට එද්දී ලොකු පොලිතීන් බෑග් එකක් අරගෙන එනවා. තරඟය අවසන් වුණාට පස්සේ ක්‍රීඩාංගනයේ තියෙන සියලුම කුණු ඒ බෑග් එකට එකතු කරනවා. ජපනුන්ගේ මේ ක්‍රියාව නිසා මුළු ලෝකයේම ගෞරවයට, ආදරයට පත්‍ර වෙලා තියෙනවා. ජපානය සහ මෙක්සිකෝව අතර තිබ්බ තරඟයෙන් ජපානය පරාජය වුනත් ශෝකය මැද්දෙම සුපුරුදු පරිදි ඔවුන් ක්‍රීඩාංගනය පිරිසිදු කරා.

 


News Articles
Latest Videos
Most Popular Post