News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

රජයේ නිවාඩු භාගෙට භාගයක්ම සති අන්තයේ වැටුන 2019 කැලැන්ඩරය මෙන්න. – Photo

1683 Views


රජයේ නිවාඩු භාගෙට භාගයක්ම සති අන්තයේ වැටුන 2019 කැලැන්ඩරය මෙන්න. – Photo

අලුත් අවුරුද්දේ කැලැන්ඩරයක් අතට ලැබුන ගමන් ගොඩක් අය බලන්නේ නිවාඩු තියෙන්නේ කවද්ද කියලා.මොකද නෑදෑයින්ගේ ගෙවල්වල යන්නයි විනෝද ගමන් යන්නයි කලින්ම සැලසුම් කර ගන්න.

2019 වර්ෂය සඳහා රජයේ සහ බැංකු නිවාඩු දිනයන් සඳහන් අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය ජූනි 28 දා නිකුත් කරා. ඒ 1971 අංක 29 දරන නිවාඩු පනතේ 4 වැනි වගන්තියෙන් ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පවරා ඇති බලතල අනුව. නිවාඩු දවස් ගැන බලාගෙන හිටිය යට නම් 2019 එච්චර හොඳ අවුරුද්දක් නෙවෙයි.

එකට හේතුව ලබන අවුරුද්දට දීලා තියෙන රජයේ නිවාඩු 25 න 9 ක් ම සති අන්තයේ යෙදිලා තිබීම. 2019 දුරුතු පුර පසළොස්වක පොහොය දිනය යෙදිලා තියෙන්නේ ජනවාරි 20 ඉරිදා දිනට. සිංහල හා දෙමළ අලුත් අවුරුදු යෙදෙන අප්‍රේල් 13 හා 14 දින දෙක සෙනසුරාදා සහ ඉරිදා දිනයන්ට යෙදිලා තියෙනවා.

ඒ වගේම වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හා ඊට පසු දිනය වන මැයි 18 හා 19 යෙදිලා තියෙන්නෙත් සෙනසුරාදා සහ ඉරිදා දිනයන් වල. මීට අමතරව වප් පුර පසළොස්වක පොහොය දිනය යෙදෙන ඔක්තෝබර් 13 සහ දීපවාලි උත්සව සිනය යෙදෙන ඔක්තෝබර් 27 දා ඉරිදා දිනයන් වල යෙදිලා තියෙනවා.

මේ ගැන විරෝධයක් දැනටමත් පලවෙලා තියෙනවා. ඒ නිසා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කරේ අදාළ ගැසට් නිවේදනය තවදුරටත් අධ්‍යයනය කරලා සුදුසු පියවරක් ගන්නවා කියලා.


News Articles
Latest Videos
Most Popular Post