පන්දුවාර 20 යි 20 තරගයකදී පිතිකරුවෙකු ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි ලෝක වාර්තාවට හිමිකම් කීමට ඕස්ටේ‍්‍රලියාවේ ආරොන් ෆින්ච් අද සමත් වුණා. ඒ සිම්බාබේ කණ්ඩායම සමග මේ වනවිට හරාරේ කී‍්‍රඩාංගණයේ පැවත්වෙන 20 යි 20 තරගය අතරතුරදීයි.
ආරොන් ෆින්ච් පන්දු 76 ක් තුළ වේගවත් ලකුණු සංඛ්‍යාව 172 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම හතරේ පහර 16 කින් සහ සහ දැවැන්ත හයේ පහර 10 කින් වර්ණවත් වුණා.
මීට කලින් පන්දුවාර 20 යි 20 තරගයකදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කර තිබුණේ ද ආරොන් ෆින්ච් විසින්මයි. 2013 වසරේ එංගලන්තය සමග පැවති 20 යි 20 තරගයේදී ඔහු ලකුණු 156 ක් වාර්තා කරමින්.
එමෙන්ම පන්දුවාර 20 යි 20 තරගයකදී කී‍්‍රඩකයින් දෙදෙනෙකු වාර්තා කළ ඉහළම ලකුණු සබදතාව ද මේ තරගයේදී වාර්තා කරන්න ආරොන් ෆින්ච් සහ ජෝන් මැතිව් ශෝට් සමත් වුණා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 223 ක දැවැන්ත සබඳතාවක් ගොඩනැගුවා.
තරඟයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන්න ඕස්ටේ‍්‍රලියාවට ආරාධනා කරා. නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලූ 02 ක් දැවී ලකුණු 229 ක් ලබා ගත්තා.
ආරොන් ෆින්ච් ලබාගත් ලකුණු 172 සහ ජෝන් මැතිව් ශෝට් ලබාගත් ලකුණු 46 ට අමතරව මාර්කස් ස්ටොයිනිස් වාර්තා කළේ එක් ලකුණක් පමණයි.