News Line| Off Air
Generic placeholder image

Jul
4

අරාබියට වතුර දෙන්න ඇන්ටාක්ටිකාවේ පාවෙන අයිස් කුට්ටි ඇදගෙන එයි.

1394 Views


අරාබියට වතුර දෙන්න ඇන්ටාක්ටිකාවේ පාවෙන අයිස් කුට්ටි ඇදගෙන එයි.

අරාබිය කියන්නේ ලෝකයේ උෂ්ණත්වය වැඩිම රටක්. අරාබියේ ගහක් කොළක් හොයා ගන්නවා කියන්නේ කළුනික හොයනවා වගේ තමයි. අරාබියට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි ජලය. අරාබියේ ජල හිඟයට අපූරු ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා.

ඒ ඇන්ටාක්ටික් මහාද්වීපයේ පාවෙන අයිස් කුට්ටි එක්සත් අරාබි එමීරයේ වෙරළ තීරයට ඇදගෙන එන්න. පරිසර නියමු ව්‍යාපෘතියක් විදියට ලබන වසරේදී මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න එමීර් රාජ්‍ය බලධාරීන් තීරණය කරලා තියෙනවා.

මේ නියමු ව්‍යාපෘතියට ඇමරිකානු ඩොලර් මිලියන 60 කට අධික මුදලක් ආයෝජනය කරලා තියෙනවා. මේ ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් 2020 වසරේ මුල භාගයේ ඉඳලා විශාල හිම කුට්ටි එමීර් රාජ්‍යයට රැගෙන එන්න සැලසුම් කරලා තියෙනවා.

දැවැන්ත හිම කුට්ටි සිය වෙරළේ රඳවා තැබීමෙන් උතුරු හෝ දකුණු ධ‍්‍රැව වෙත නොගොස් ඒවා දැක ගැනීමට ද සංචාරකයන්ට අවස්ථාව සැලසෙන බවයි එමීර් බලධාරීන් පවසන්නේ.

https://youtu.be/xCnZ1F9RAJo


News Articles
Latest Videos
Most Popular Post