මේ වෙද්දී ලංකාවේ දේශපාලන වේදිකාවේ ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන්නේ රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය. උතුරේ හා නැගෙනහිර L.T.T.E. ය අයෙත් ඇත ඔසවන්න ඕන කියලා එතුමිය රාජ්‍ය උත්සවයකදී සඳහන් කරා.
මේ බරපතල ප්‍රකාශය ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඊයේ පාර්ලිමේන්තුවේත් වාද විවාද ඇති වුණා. ඒ වගේම මේ ප්‍රකාශය නිසා රාජ්‍ය ඇමතිනී විජකලාට නියම කරන්න පුළුවන් දඬුවම් ගැන නීති විශාරදයින් අදහස් පළ කරා.
ඔවුන් කියන විදියට රාජ්‍ය ඇමතිනිගේ මේ ප්‍රකාශය නිසා ඇයගේ ප්‍රජා අයිතිය අවුරුදු 7 කට අහෝසි කරන්න පුළුවන්. එහෙම ප්‍රජා අයිතිය අහෝසි කරොත් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය පවා අහිමි වෙනවා. ඒ වගේම අවුරුදු 7 ක් යනකන් කිසිම දේශපාලනයක නිරත වෙන්න බෑ. අඩුම තරමේ ඡන්දය භාවිතා කරන්නත් බෑ.