News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

උණු වතුර හැලියට පණ පිටින් දාන කකුළුවන්ට ජීවිත දානය දෙන අපූරු පිංකම

1445 Views


උණු වතුර හැලියට පණ පිටින් දාන කකුළුවන්ට ජීවිත දානය දෙන අපූරු පිංකම

බුදු දහමේ උගන්වන්නේ සියලුම සතුන්ගේ ජීවිත එක සමානව වටිනවා කියලා. හැබැයි ගොඩක් අය සතාගේ ජීවිතයේ වටිනාකම තීරණය කරන්නේ ඒ සතාගේ ශරීර ප්‍රමාණය අනුව.

කකුළුවන්ට ජීවිත දානය ලබා දෙන අපූරු පිංකමක් ගැන අපිට ගාල්ලෙන් වාර්තා වුණා. පූජ්‍ය මොරගොඩ මේධාලංකාර ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් තමයි මේ මහඟු පිංකම සිද්ධ වෙන්නේ. පණ පිටින් උණු වතුර හැලියක අප්‍රමාණ වේදනාවක් විඳලා මැරෙන්න යන කකුළුවන් තමයි මේ විදියට නිදහස් කරන්නේ.

ජූලි මාසයේ 08 වෙනිදා තමයි මේ පිංකම පැවැත් වෙන්නේ. අහිංසක ජීවිතයක් බේරා ගන්න ඔබටත් මේ පිංකමට සම්බන්ධ වෙන්න පුළුවන්. 0777868780 හෝ 0713654056 දුරකථන අංක වලින් පූජ්‍ය මොරගොඩ මේධාලංකාර ස්වාමින් වහන්සේ අමතා මේ පිංකමට සම්බන්ධ වෙන්න ඔබටත් පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post