News Line| Off Air
Generic placeholder image

Jul
4

ලෙබනන් පොලිස් කාන්තාවන්ට හඳුන්වා දුන්න සරාගී නිල ඇඳුම. – Photo / video

1226 Views


ලෙබනන් පොලිස් කාන්තාවන්ට හඳුන්වා දුන්න සරාගී නිල ඇඳුම. – Photo / video

පොලිසිය කියන්නේ රටක නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධානම ආයතනය. සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙක් දැක්කම බයක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. පොලිස් නිලධාරිනියක් වුනත් එහෙමයි.

හැබැයි දෙතුන් පාරක්ම හැරිලා බලන්න හිතෙන පොලිස් නිලධාරිනියන් ඉන්න රටක් තියෙනවා. ඒ තමයි ලෙබනනය. ලෙබනනයේ පොලිස් කාන්තාවන්ට අලුත් නිල ඇඳුමක් හඳුන්වා දීලා තියෙනවා. හැබැයි මේ නිල ඇඳුම නම් බොහොම සරාගී එකක්.

කළු පැහැති කොට කලිසමක් සහ කළු ටී ෂර්ට් එකක් තමයි මේ අලුත්ම නිල ඇඳුම. ලෙබනනයේ බ්‍රෝමැන්නා නගරයේ නගරාධිපතිගේ අදහසකට අනුව තමයි මේ අලුත් පොලිස් කාන්තා නිල ඇඳුම හඳුන්වා දීලා තියෙන්නේ. අලුත් නිල ඇඳුම ඇඳපු සුරූපි පොලිස් කාන්තාවන් නිසා බ්‍රෝමැන්නා නගරයට සංචාරකයන්ගේ ආකර්ෂණය තවත් හිමි වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

මේ ක්‍රියාව ලෙබනනයේ ගොඩක් අය අගය කරලා තිබ්බා. ඒ වගේම විවේචනය කරපු අයත් හිටියා. හැබැයි ඉතින් මේ සරාගී පොලිස් කාන්තාවන් දිහා බලන්න ගිහින් අනතුරු වැඩි වෙයිද කියලා තමයි ප්‍රශ්නය.

https://youtu.be/1DjDaBbJvBA


News Articles
Latest Videos
Most Popular Post